ජනපති අනුර ගේ උපදෙසින් මේ මඟ යළි මහජන අවශ්‍යතාවලට ඉඩකඩ පෑදුණු වග යි
පලාලි - අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු විවෘත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (01) කටයුතු කෙරුණි.
වසර තිහක් පැවති යුද තත්ත්වය හේතුවන් මෙම ප්‍රධාන මාර්ගය තිබුණේ වසා දමා ය. යුද්ධය අවසන් වී වසර 15 කට වැඩි කාලයක් ගතවී ඇතත් මාර්ගය මෙතෙක් මහ ජනතාවට විවෘත නොවිණි.
පලාලි - අච්චුවේලි මහා මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් උතුරු පළාතේ ජනතාවගෙන් නිරන්තර ඉල්ලීම් සිදු විණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආණ්ඩුකාර-වරුන් අතර පසුගිය ඔක්තෝබර් 22 වැනි දා පැවති සාකච්ඡාවේ දී ද උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා ජනාධිපතිවරයාගෙන් මේ පිළිබඳ ඉල්ලීමක් කළේ ය.
ඒ අනුව මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයා බලා අදාළ කටයුතු සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අංශවලට දැනුම් දෙන ලද්දෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හා ආරක්ෂක ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් මෙම මාර්ගය අද විවෘත කිරිමට පියවර ගැනිණි.