උණුසුම් පුවත්

තීරුබදු නොගවා මෙරටට හොර රහසේ ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමග පුද්ගලයකු STF අත්අඩංගුවට

පොලිස්පති තුමාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි පොලිස් අධිකාරී පාලින්ද මහතාගේ අධීක්ෂණය මූලස්ථාන කඳවුරේ ස්ථානාධිපති සිල්වා මහතාගේ මගපෙන්වීමෙන් විශේෂ කාර්ය බලකාය දඹුල්ල කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මුලස්ථාන කදවුරේ පොලිස් පරික්ෂක ජේ.එම්.එස්.එස්. ජයසුන්දර ඇතුළු නිළධාරින් කණ්ඩායමක් හා දඹුල්ල කදවුරේ නිළධාරින් කණ්ඩායමක් සමග ඒකාබද්ධව කොටහේන පොලිස් වසමේ 03 වන මහල, ජෝර්ඡ් ආර්.ඩි. සිල්වා මාවත, කොටහේන ලිපිනයේ දී වැටලීම් සිදුකර ඇත ඇත.

එහි දී රජයට අය විය යුතු විශාල තීරුබදු ප්‍රමාණයක් අහිමි කරමින් තීරුබදු නොගෙවා මෙරටට හොර රහසේ ගෙන්වන ලද MANCHESTER වර්ගයේ දුම්වැටි 1,000 ක් සන්තකයේ තබාගෙන සිටි ෆලවර් පාර, කොළඹ 03 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටහේන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.