ආරක්ෂකඋණුසුම් පුවත්දේශපාලන

තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් නෙරපයි?

කමිටු තීන්දුවකින් නෙරපනු ලබන පළමු පොලිස්පතිවරයා දේශබන්දු මහතා යි

පොලිස්පති ධුරයේ සිටියදී දේශබන්දු තෙන්නකෝන්ගේ මහතා කරන ලදැ යි කියන  අකටයුතුකම් සොයා බැලීමට පත් කරන ලද කමිටුව විසින්  එම චෝදනාවලට හෙතෙම වැරදිකරු  කර ඇති හෙයින් ඔහු ධුරයෙන් ඉවත් කිරීමට නිර්දේශ කර ඇති බව  කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. 

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට  එල්ල වූ  චෝදනා සම්බන්ධයෙන්  විමර්ශනය කළ පාර්ලිමේන්තු කමිටුව නිගමනය  කර ඇත්තේ ඔහු සියලු චෝදනාවලට වරදකරු බවට යි.

 කතානායකයවරයා  පාර්ලිමේන්තුවට අද පාර්ලිමේන්තුවට අද ඒ බව  දැනුම් දුන්නේ ය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගේ ධුරය අත්හිටුවන ලද්දේ 2025 අප්‍රේල් මාසයේදී ය. අනතුරුව ඔහුට එරෙහිව නැඟී ඇති චෛා්දනා ගැන  පරීක්ෂා කිරීමට  ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවක් පත් කරන ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා එම  කමිටුවේ ප්‍රධානත්වය දැරී ය.   සෙසු සාමාජිකයින් වූයේ  විනිශ්චයකාර නීල් ඉද්දවෙල මහතා සහ ජාතික පොලිස් කොමිසමේ සභාපති ලලිත්  ඒකනායක මහතාත් ය   

පොලිස්පති ධුරයේ බලය අයුතු ලෙස භාවිතා කිරීම හා වැරදි හැසිරීම යන කරුණු දේශබන්දු තෙන්නකෝන් මහතා ඉවත් කිරීම විමර්ශනය කිරීමට විමර්ශන කමිටුවක් පත් කිරීමේ යෝජනාවක් අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසුව  මෙම කමිටුව පත් කෙරුණි