මොරවකත් ඉඳල නෑ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ජ්‍යේෂ්ඨ උපදේශකවරයා වූ ද, හිටපු ඇමතිවරයකු වූ ද, සාගල රත්නායක මහතාගේ මාතර මොරවක පිහිටි නිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ රෑ සෝදිසි කර තිබේ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සොයා ගන්නට යි.
ඊයේ රාත්‍රී කාලයේදි මෙම නිවස පරීක්ෂාවට ලක් කළ ද එහි සිටී දේශබන්දු දෙන්නකෝන් මහතා සිට නැත.
නිවස පරීක්ෂා කිරීම සඳහා තමන්ගෙන් අවසරය ඉල්ලා සිටි විට ඊට අවසර දුන් බවත් සාගල රත්නායක මහතා අවසරය දී ඇත.
සාගල රත්නායක මහතා ෙග් නිවස සෝදිසි කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සෝදිසි වරෙන්තුවක් ද ලබාගෙන තිබුණු බව සඳහන් වේ..
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර දේශබන්දු තෙන්නකෝන් සොයා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ මාතර පිහිටි මහගෙදර ද සෝදිසියට ලක්කර තිබිණි.