අපක්ෂපාති පරීක්ෂණයක් කරන්න
පළාත් පාලන අපේක්ෂකයින් ආණ්ඩුකාරවර සම්බන්ධීකාරක නියෝජිත ලෙස පත් කිරීම මගින් මැතිවරණ නීතිය උල්ලංඝනය කරන බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් ලියමින් ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසයි.
එම ලිපියෙහි දක්වා ඇති කරුණු වලින් වෛද්‍ය අබේසිංහ මහතා සඳහන් කරන්නේ
දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාරවර ලක්ෂ්මන් යාපා අබේවර්ධන විසින් තම පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල සංවර්ධන වැඩසටහන් සොයා බැලීම සඳහා යයි පවසමින් 2024 මැයි 04 දින සිට පළාත් පාලන අපේක්ෂකයන් වන හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ සභාපතිවරුන් තම සම්බන්ධීකාරක නියෝජිතයන් ලෙස පත් කර ඇති බවයි.
''අපට ලැබී ඇති තොරතුරු අනුව මෙම පත්කිරීම් සිදුකර ඇත්තේද පසුදාතම යොදන ලද ලිපි නිකුත් කිරීම මගිනි. මෙම පත්කිරීම්වල අරමුණ වී ඇත්තේ පළාත් සභාවේ හා පළාත් පාලන ආයතනවල පවතින අරමුදල් දේශපාලන අරමුණු වෙනුවෙන් සෘජු ප්‍රදාන ලෙස ලබා දෙමින් මැතිවරණ ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමයි"
"පැහැදිලිවම රාජ්‍ය දේපළ අවභාවිතාවක් හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් වන බැවින් දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ මෙම ක්‍රියා කලාපය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකර මෙම අයථා ක්‍රියා වැලැක්වීමට මැදිහත් වන මෙන් ඉල්ලා සිටිමු"
ලිපියෙන් ප්‍රකාශ කරන ජාතික ජන බලවේගයේ ලේකම්වරයා එකී කරුණු සනාථ කිරීම උදෙසා ආණ්ඩුකාරවරයා විසින් පත් කරන ලද අපේක්ෂකයින් කිහිප දෙනෙකුගේ නම් ලැයිස්තුවක් ද අමුණා තිබේ.

 
            