උණුසුම් පුවත්දේශපාලන දන්න කෙනෙක් චන්දිම 2024-11-030 පාර්ලිමේන්තු මහ මැතිවරණය - 2024 නොවැම්බර් 14 නගරයක් වූ ගමක් - ඉමදුව දිර්ඝ කාලයක සිට ඉමදුව නගරය හුදකලා වූ අතර කිසිදු සංවර්ධන ව්පෘපෘතිය ක්ක්යකයකි. යාපෘතියකට ඇතුලත් වුයේ නැත. ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවට තම අවශ් යතාවයන් සඳහා වෙනත් ආසන්න නගර කරා යොමුවන්නට සිදු විය. දෛනිකව තම අවශ්‍යතා ඉටුකරගැනීමට පවා මෙම නගරය තුළ නාගරික පහසුකම් නොවූ හෙයින් තම අවශ්‍යතා ඉටුකරගැනීම සදහා දැඩි අසිරුතාවන්ට මුහුණ දෙන්නට විය.මෙලෙස කාලය ගතවිය. නමුත් සංවර්ධනයේ අරුනලු ඉමදුවට නොවැටුණු අතර දිනක් එවකට නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මැතිතුන් ආරක්ෂක ලේකම්තුමන් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉමදුව නගරය සංවර්ධනය කරන ලෙස ඉල්ලීමක් කරනු ලැබුහ. එම ඉල්ලීම මල්ඵල ගන්වමින් සංවර්ධනයේ අරුණලු ඉමදුවට පතිත විය. එවකට ආරක්ෂක හා නගරික සංවර්ධන අමත්‍යංශයේ ලේකම් ධුරය හබවූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් යටතේ 2012 වර්ෂයේ ආරම්භ වූ පුරනැගුම වැඩසටහන යටතේ ලංකාවේ කුඩා නගරයන පහක් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වූ අතර ඉන් එක් අවස්ථාවක් ඉමදුව නගරයට ලැබුනේ වීරක්කොඩි මහතා ගෝඨාභය මැතිතුමන්ගෙන් කළ පෞගලික ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙසය. ඒ අනුව එම සංවර්ධන අරුණැල්ල එවකට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉමදුව භුමිය පුරා සැනෙන් පැතිරී ගියේ ජනතාවට මහත් අස්වැසිල්ලක් සපයමිනි. මෙහි සැබෑ හිමිකරුවන් ජනතාව විය.කොළඹට කිරි - ගමට කැකිරි වූ සිහින සංවර්ධනය හබරාදුව ගමින් ගමට ගෙනගිය නායකයා චන්දිම විරකොඩි විය. ඔහුට අවශ්‍ය වුයේ අපේ මිනිහා, ගමේ මනුස්සයා ගොඩ දාන ක්රමවෙධයකි. එහිදී පක්ෂ පාට ඔහු කිසිදු දිනක නොබලුහ. ඔහුට අවශ්‍ය වුවේ ගමේ සංවර්ධනයයි. එදා ඉමදුව බස්නැවතුම් පොල සෑම අඟහරුවාදා දිනකම ඉමදුව පොළ බවට පත්විය. සුළු වර්ෂාවකටත් බසයකට නගින්නටවත් බසයකින් බහින්නවත් තරම් මඩ ගොහොරුවක් විය. 2012 වර්ෂයේ සිට ඉමදුව, නගරයක් වෙමින් පැවතුණි.2015 ජනාවාරි 8 වන දින ආණ්ඩු පෙරලියත් සමඟ ඉමදුව නගරක් වීම කෙසේ වෙතත් දිනෙන් දින ඉමදුව එවකට සිදුකර තිබු ඉදිකිරීම නටඹුන් වෙමින් පැවතුනි. 2015 අගෝස්තු මහ මැතිවරණයෙන් පසු චන්දිම වීරක්කොඩි මහතා නැවත ඉදිකිරීම කඩිනම් කරන්නට දැඩි වෙහෙසක් ගත් බව ඉමදුව ජනතාව හොදින් දන්නා කරුණකි. එතුමාට එය සාර්ථක කරගැනීමට ඉමදුව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති උදාන කුසම්සිරි මහතා ඉමදුව සංවර්ධිත නගරයක් කරගැනීමට චන්දිම වීරක්කොඩි මහතාට විශාල ශක්තියක් විය.මේවන විට ඉමදුව නගරය හරහා ගමන් කරන සියලුම බස්රථ ඉමදුව බස් නැවතුම් පොළට පැමිණ නැවත ගමනාන්තය දක්වා ගමන් කරයි. වෙළඳ සැල් ඉදිරිපිට බස්රථ එනතුරු බලා සිටි ජනතාව මේවන විට ඉමදුව බස් නැවතුම් පොළට එකතු වීමට පුරුදු වී සිටිනු දක්නට ලැබේ. ඒ හරහා විසිරුණු ව්‍යාපාර ඒ වටා සැලසුම් සහගතව කේන්ද්‍රගත විය. වැසි දිනයන්හි ජලයෙන් යටවන තැපෑල දැන් ක්‍රමවත්ය. ඉමදුව නගරයට පොලිස් ස්ථානයක් ඇත. මෙලෙස වර්තමානය තුළ ජනතාවට අවශ්‍ය මුලික නාගරික අවශ්‍යතා ඉටුකරගැනීමට හැකි නගරයක් බවට ඉමදුව නගරය පත්ව ඇත. මෙහි භාරකරුවා ජනතාවය. නමුත් මේවා ඕපපාතිකව පහල නොවීය. එනම් එක පාර්ශවයක අසීමිත කැපකිරීමේ ප්රතිඵලයකි. එහි නියමුවා ජන්දීම වීරක්කොඩි මැතිතුමන්ය. ඔබ දකින හබරාදුව සංවර්ධනය අදියරෙන් අදියර ගලුපුර එලියකරමින් ඇත. එලෙස ගොඩනගන ලද ඉමදුව අද සුවිශේෂී කේන්ද්‍රස්ථානයක් වී ඇත. එතින් ඔබ අප දන්න චන්දිම මෙවරත් අපගේ නියෝජිතයා බවට පත්කරමු Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article මේන් අපේ වීරේ…..!!! Next Article වෛද්‍ය රමේෂ් පතිරණ යි මේ