කථානායක පත් කරයි.
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තු ඉකුත් මැයි මස 20 වැනිදා සභාගර්භයේ හැසිරුණු අයුරු විමර්ශනය කිරීම සඳහා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා කමිටුවක් පත් කරනු ලැබිණි.
නියෝජ්‍ය කාරක සභාපති හේමාලී වීරසේකර මහත්මිය මේ කමිටුවේ සභාපතිත්වය දරන්නී ය. විදෙස්, සංචාරක, විදෙස් රැකියා කටයුතු ඇමති විජිත හේරත් හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා මෙහි සෙසු සාමාජිකයින් සේ ක්‍රියා කරන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.
ඉකුත් 20 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා රීති ප්‍රශ්නයක් නඟමින් සභාගර්භයේ හැසිරුණු ආකරය ගැනමේ කමිටුවේ විමර්ශනයට ලක් වේ.