උණුසුම් පුවත්කාලීනදේශපාලනසාහිත්‍යය හා කලාව දයා සෝමසිරි දිවි සැරිය නිම කරයි 2026-01-270 හේ පත්තරකාරයෙකි. කිවිඳෙකි. සමසමාජ කාරයෙකි! ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ සභාපතිවරයකු, සමස්ත ලංකා කවි සම්මේලනයේ සභාපතිවරයකු හා දිනමිණ පුවත්පතේ හිටපු සම කර්තෘ සහ ප්‍රවෘත්ති කර්තෘ ලෙස කටයුතු කළ දයා සෝමසිරි මහතා ඊයේ (26) අභාවප්‍රාප්ත විය. මිය යන විට දයා පසුවූයේ 78 වන වියෙහි ය. දයා සෝමසිරි සොවුරා දියණියන් සිව් දෙනකුගේ සහ එක් පුතකුගේ පියෙකි. දියණියන් දෙදෙනෙකු වන සමන්මලී ප්‍රියශාන්ති ප්‍රවෘත්ති කර්තෘවරියක ලෙස සහ රන්මලී පුවත්පත් කලාවේදිනියක ලෙස දැනට ‘දිනමිණ’ කර්තෘ මණ්ඩලයේ සේවය කරති. අංක 69/14/A, ලේක් සයිඩ් වත්ත, බටුවත්ත නිවසේ තැන්පත් කර ඇති ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (28) බදාදා සවස 5.00ට බටුවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. හෙළදිව සාතිශය සංවේදය!! Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ගාල්ලේ නව දිසාපති වැඩ අරඹයි Next Article ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’