දුදරුවන් 41 ලක්ෂයකගේ සුබ සාධනය බලා ගන්න බැරි නම් අධ්‍යාපන අමාත්‍යාංශයක් ආණ්ඩුවක් අවශ්‍ය නොවන බවත් ආණ්ඩුවක ප්‍රමුඛතම කාර්ය විය යුත්තේ දරු පරපුර හා මව් පරපුර ආරක්ෂා කර පුරවැසියන් ආරක්ෂා කර ගැනීම වුවත් වත්මන් රජය එය සිදු නොකරන බව විපක්ෂ නායකවරයා පවසයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (15) සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 98 වැනි අදියර යටතේ රත්නපුර පැල්මඩුල්ල බඹරබොටුව විජයබා මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි
රජයේ වගකීම වන්නේ අවදානමට ලක් වූ සියලු ජන කොට්ඨාස ආවරණය වන සේ සමාජ ආරක්ෂණ දැලක් සකස් කර ඔවුන්ව රැක බලා ගත යුතු වුවත් වත්මන් රජය තුළ එවැන්නක් සිදු නොවන බවත් මේ රටට අවශ්‍ය ජනතාව ගැන සංවේදී පාලනයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසී ය. බංකොලොත් රටේ වැඩ කළ හැක්කේ කාටද කියා ජනතාව තීරණය කළ යුතු බවත් වැඩක් කළ හැක්කේ කවුද කියා පක්ෂ පාට භේදයකින් තොරව සොයා බැලිය යුතු බවත් වැඩක් කර ඔප්පු කළ හැකි අයකු සොයා ගත යුතු බවත් හෙතෙම පැවසීය.
බලයක් නොමැතිව ජනතාව වෙනුවෙන් සේවය කරන්නේ කවුද සහ රට වටේ ගොස් කයිවාරු ගහන්නේ කවුද කියා ජනතාව බුද්ධිමත්ව සිතා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය. සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719 ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 98ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 966ක් වැය කර තිබේ.