නිවුණු පහන් සිල ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුංග !
දිවිගමන හමාර කළ ආචාර්ය විජයතුංග මුදලිගේ හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අද (නොවැම්ර් 15) සැඳෑවේ දැයෙන් සමුගනී. එතුමා දිවිසැරිය නිමා කරන විට 94 වැනි වියේ පසු විය.
හෙළදිවට මහත් ආබරණයක් වූ ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුංග මහතා මෙබිමෙහි උපන්, අදරැති කිසිවකුටත් අමතක නොවන සලකුණක් රඳවා නික්ම යන්නේ ය. .
ගුරුවරයෙකු, අධිනීතිඥයෙකු සහ දේශපාලනඥයෙකු මෙන් ම කීර්තිමත් විද්වතෙකු, ශබ්දකෝෂ කතුවරයෙකු, පරිවර්තකයෙකු, වූ එතුමා 1931 ඔක්තෝබර් 25 දා මෙලොව ජන්මදායාදය ලැබී ය. ඒ මිනුවන්ගොඩ හි මඩමුල්ලේදී ය.
ඔහුගේ පියා විජයතුංග මුදලිගේ දොන් බැස්ටියන් විජයතුංග ආයුර්වේද අක්ෂි වෛද්‍යවරයෙකි , ඉඩම් හිමියෙක් සහ පොල් සහ වී වැවිලිකරුවකු ද විය. ඔහුගේ මව අමරාවතී ජයසිංහ ය. සහෝදර සහෝදරියන් අට දෙනෙකුගෙන් යුත් පවුලක සිව්වැන්නා අපෙන් අද සදහට ම සමුගන්නා ආචාර්යවරයාණන් ය. මහා සම්මත් භූමි පුත්‍රයාණන් ය.
හරිස්චන්ද්‍රයාණන් මිනුවන්ගොඩ රජයේ ද්විභාෂා පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබීය. දෙවන ලෝක යුධ සමයේදී කොළඹ නාලන්දා විද්‍යාලය මිනුවන්ගොඩ ප්‍රදේශයට ගෙන යන විට විජයතුංගගේ දෙමාපියට ඔහු ඒ පාසලට ඇතුළත කර ගැනීමට අවස්ථාව ලබා ගත්හ. යුද්ධයෙන් පසු, නාලන්දා විද්‍යාලය නැවත කොළඹට ගෙන යන ලද අතර, විජයතුංග එහි අධ්‍යාපනය දිගටම කරගෙන ගියේය.
ලංකා විශ්වවිද්‍යාලයට 1952 දී ඇතුළත් වූ ඔහු 1955 දී විද්‍යාව පිළිබඳ උපාධියක් දිනා ගත්තේය.
1990 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් මධ්‍යකාලීන සිංහල නිබන්ධනය වෙනුවෙන් හරිස්චන්ද්‍රයෝ ආචාර්ය උපාධියක් ලද්දා හ.
දැයෙන් නික්ම යන භූමි පුත්‍රයාණන්ට හෙළදිව සාතිශය සංවේගය! ආචාරය!!
ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුගියන් පිළිබඳ වෙන ම ලිපියක් හෙළදිව හි ලියැවෙනු ඇත.
