උණුසුම් පුවත්

දිගු කලෙක පටන් නීති විරෝධී දුමිවැටි අලෙවි කරමින් සිටි පුද්ගලයකු මීගමුව ප්‍රදේශයේ අවන්හලක දී විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ උප පොලිස් පරික්ෂක එස්. විමලවීර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.01.16 වන දින මීගමුව පොලිස් වසමේ අංක 366, හලාවත පාර, පෙරියමුල්ල, මීගමුව ලිපිනයේ ඇති අවන්හල තුල දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී විදේශීය නිෂ්පාදිත නීති විරෝධී දුමිවැටි අලෙවි කරමින් සිටි සිලාවතුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21 ක් වන පුද්ගලයකු මෙන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි 3,200 ක් බිස්නස් රෝයල් වර්ගයේ දුම්වැටි 600 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.‍