විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ උප පොලිස් පරික්ෂක එල්.ඩී.එස්. ලක්මාල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.01.16 වන දින මාලිගාවත්ත පොලිස් වසමේ අංක 09, කඩපේලිය, බෝධීරාජ මාවත, කොළඹ 10 ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 මිලි ග්‍රෑම් 440 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි මාලිගාවත්ත සහ දෙමටගොඩ ප්‍රදේශ වල පදිංචි අවුරුදු 25 ත් 26 ත් වන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මාලිගාවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
            