ලෝක බැංකු වාර්තාවකින් කියයි
දිට්ටා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් වලින් ශ්‍රී ලංකාවේ ගොඩනැගිලිවලට, කෘෂිකර්මාන්තයට, මහාමාර්ග හා පාලම් ඇතුළු තීරණාත්මක යටිතල පහසුකම් වලට ඇමරිකානු ඩොලර් කෝටි 410 ක් එනම් ශ්‍රී ලංකා රුපියල් කෝටි 1,25000 ක ඍජු හානියක් සිදුවී ඇතැ යි ලෝක බැංකුව සකස් කොට ඇති වාර්තාවක දැක්වේ..
මෙය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 4 ක ප්‍රතිශතයක් බව ද එහි සඳහන් ය.
'දිට්වා' සුළි කුණාටුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මධ්‍යම පළාතට බවත් මහනුවර සිදුවී ඇති හානිය ඇමරිකානු ඩොලර් මිලියන 689 ක් එනම් ශ්‍රී ලංකා රුපියල් කෝටි 21306 ක් පමණ වන බවත් ලෝක බැංකුවේ ඇස්තමේන්තු වාර්තාවල සඳහන් කොට තිබේ.
එම වාර්තාවේ දැක්වෙන අන්දමට මහාමාර්ග, පාලම, දුම්රිය මාර්ග සහ ජල සැපයුම් පද්ධතිවලට සිදු වී ඇති හානිය ඇමරිකානු ඩොලර් කෝටි 175. 3 ක් එනම් රුපියල් වලින් කෝටි 55702 කි.
ගොඩනැගිලිවලට සිදුවී ඇති හානිය ඇමරිකානු ඩොලර් මිලියන 985 ක් හෙවත් රුපියල් කෝටි 30488 ක් බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.
'දිට්වා' සුළි කුණාටුවෙන් වී සහ එළවළු ඇතුළු කෘෂිකර්මාන්තයට සහ පශු සම්පත්වලට ඇමරිකානු ඩොලර් මිලියන 814 ක් එනම් රුපියල් කෝටි 25195 ක හානියක් සිදුවී ඇති බව ද එම වාර්තාවේ සඳහන් ය.
මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම සුළි කුණාටුව මෙය බවත් ංදිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ලක්ෂ 20 කට අධික ජනතාවක් පීඩාවට පත්වී සිටින බව ද ලෝක බැංකුව පවසයි.
