උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

දිට්වා!

කඳුළු වැස්ස

දී ඇල්ල ඔය  කිමද  මේ දඟ

නොදන්නෙද දරු පැටව් නිදි  වග

ගුවන් පාලම යටින් පැන ගෙන

දිය රකුසු ගෙන   ගමට ආ රඟ

 

රේල් පාරෙන්   එගොඩ  පැත්තට

 සුළං අසු ගෙන  ආව වේගෙට

   කඳුළු වැස්සකි එකම යායට

   හඳත් වැහුණා පිරුණු පෝයට

      

  තෙත බරිත වූ  හෝඩි පොතකි

  බෝනික්කිගේ කැඩුණු  අතකි

     සුළියෙ වැදිලා රිදුණු  හිතකි 

සිඟිති කැකුලක මිලින  ගතකි

 

ළිපට පිඹිනා හුස්ම නැවතී

  වවුල් කැල මී ගහේ හඬති

ලයිට්  රැහැනේ අඳුර හැපෙති

 රෑහියෝ දුක් ගීය ලියති

- මහගම සීලරතන හිමි -