හෙළදිව 'ජන සත්කාර' 'මනුසත් දෙරණ' කරනා අමිල මෙහෙය මෙසේ අගයන වගයි!



මේ කොත්මලේ තවලම්තැන්න නගරය දෙරණ කැමරා ශිල්පියා අද උදේ රටට පෙන්වපු දසුන යි






කොත්මලේ යනු හෙළදිව් වැසියනගේ බොහොම එතෙිහාසක ඉතිහාසයක් ඇති ගම් නියම්ගම් ගණනාවකින් සැදුම් ලත් ප්රදේශයක්. මේ සරුසාර බිමට දිට්වා කළ මහා විනාශයෙන් කොත්මලේ කෙතරම් පිරිසක් මිහිදන් වූවා දැ යි දන්නේ දෙවියන් විතරක් ද?
මේ දක්වා කිසිම වගකිවයුතු තැනැත්තකු තමන්ට මුහුණ පා සිටින තත්වය හොයා බලන්නට නො ආ බව ගම්මුන් පවසන්නේ හැඬූ කඳුළිනි. ඔවුන් මුහුණ පා සිටින අවාසනාවන්ත ඛේදවාකය ගැන හොයා බලන්නට දෙරණ නාලිකාවේ 'මනුසත් දෙරණ' කණ්ඩායම හැර මේ දක්වා කිසිවකු නොපැමිණියේ .... ඔබේ පිරිස් මේ පීඩිත දනන් සොයා ගිය එක තැනක් පමණි. අනාවරණය නොවූ මිනිසුන්ගේ හදවත් හි ගැස්ම ලොවට කියන්නට ගන්නා වූ අසීරු කාර්යය කෙසේ නම් අගයන්දැ යි අපි නොදනිමු.
මේ දිට්වා සුළි කුණාටුව විසින් අහස ගුගුරුවා පොළොව වෙවුලවා මෙසිරිලක විනාශයට හෙළූ එක් තැනක් පමණ යි. මේ පිරිස මෙන් ම කිසිවකුගේ හව්හරණක් නැතිව සෝ සුසුම් හෙළනා තවත් ගම්බිම් එකක් දෙකක් නොවේ.
වර්ග කිලෝ මීටර් හැටපන්දාහක තරම් වු කුඩා දූපතෙක දකුණු කරේ හැර සෙසු පළාත්වලට දිට්වා කළ වින්නැහියෙන් ගොඩ එන්නට ඔබ අප හැමට හැකිවන බව නම් සහතික ය.
මොවුන් කිසිවකුට අත පෑ පිරිසක් නොවේ. ඒත් අද ඔවුන්ට අප හැම දෙනාගේ උදව් උපකාර ඇවැසිව පවතී. ඉදින් අපි ඇරයුම් කරන්නෙමු ඔබට.
සොබාදම විසින් කරන ලද වින්නැහියෙන් පීඩිතව සිටින ශ්රී ලංකාවාසී දනන් වෙත අපි අපේ දෑත් සෙනෙහසින් දිගු කරමු. ඒ උත්තම මනුසත්කමේ අගය රටට ලොවට තවත් අගනා පාඩමක් බව ද කියා පාමු!!
