අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ විදුලි බිල වැඩි කිරිමට රජය ගෙන ඇති යෝජනාව ගැන සජිත් ප්‍රශ්න කරයි
ශ්‍රී ලංකාව කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට පත් කිරිමට, තෙල් මත පදනම් වූ විදුලි ජනනය වෙනුවට අඩු මිල ඇති සූර්ය, සුළං සහ ජල විදුලි බලාගාර, ප්‍රමුඛ පුනර්ජනනීය ප්‍රභවයන් වෙත යොමු වීමත්, සූර්ය බලය මගින් විදුලිය ජනනය ක්‍රමිකව වැඩි කිරිම උදෙසා, සිය ප්‍රතිපත්ති නිර්මාණය කළ වත්මන් රජය බලයට පත්වීමෙන් පසු, විදුලි බිල අඩුකර ආර්ථික පීඩනය අවම කිරීමේ මැතිවරණ පොරොන්දු, පසෙක ලා ජනතා අභිලාෂ යටපත් කර, කටයුතු කරන ආකාරය පෙනී යන බවත්, විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ විදුලි බිල වැඩි කිරිමට රජය ගෙන ඇති යෝජනාව ගැන ප්‍රශ්න කරමිනි.
2026 පළමු කාර්තුව සදහා විදුලි බිල 11.57% කින් වැඩි කිරිමට ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට ඉල්ලිමක් කර ඇත්තේ විදුලි බල මණ්ඩලයේ අලභයන් පියවා ගැනීමටද?මේ ආකාරයෙන් විදුලි බිල වැඩි කිරිම හරහා පහළ හා මධ්‍යම ආදායම් ලබන ව්‍යාපාර රජ්‍ය ආයතනවල විදුලි වියදම් ඉහළ යාම ගැන රජය ඇගයීමක් කර ඇත්නම් සභාගත කරන ලෙසත් විදුලි බිල 1/3කින් අඩු කිරිමටත් විදුලි ගාස්තු අය කිරිමට විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් අනුගමනය කිරිමට මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට රජය අපොහොසත්වීමට හේතුව දක්වන ලෙසත් මේ නිසා පොදුජනතාව දක්වන අපහසුතා ගැන රජය නොසලකා හරින්නේ ඇයිද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
ආණ්ඩුව ඉදිරිපත් කරන නව බලශක්ති ප්‍රතිපත්තියට මහජන අදහස් ලබා දීමට දුන් කාලය සාධාරණ නොවන බවත් ආපදාව නිසා රටම ගැටලුවලට මුහුණ දී ඇති නිසා මේ කාලය දීර්ඝ කළ යුතු බවත් මේ ගැන සිදු කළ විශ්ලේෂණය ඉදිරිපත් කරන ලෙසත් කර්මාන්තශාලාවලට තරගකාරීත්වයක් සිදුවන පරිදි ගාස්තු අය කිරිම ඉවත් වන නිසා මිලියන 5කට අධික ඒකක 90 දක්වා පරිභෝජනය කරන අයට මේ නිසා අසාධාරණයක් සිදුවන බවත් හර සහනාධාරය ඉවත් කරන්නේ නම් ඒ ගැන සංසන්දනාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා සඳහන් කළේ ය.
නව බලශක්ති ප්‍රතිපත්තියක් යටතේ පුනර්ජනනීය බලශක්තිය නිපදවීම වෙනුවෙන් ගෙවීම් සිදු කිරීමේ ක්‍රමවේදය භාවිත කාලය වෙනස් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් තාක්ෂණික අධ්‍යයනයක් සිදු කර ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බව මේ නිසා ජනනය විකිනීමෙන් ලබන ආදායමට වඩා වැඩි ආදායමක් විදුලි බල මණ්ඩලයට පාරිභෝගිකයන්ට ගෙවන්න සිදුවන බවත් මේ නිසා ණය ගෙන සූර්ය බලාගාර වහලමත ඇති කළ අයට ණය ගෙවන්න නොහැකි බවත් හේ කීවේ ය.
සුළං මගින්, කුඩා ජල විදුලි බලාගාර හා ජෛව ස්කන්ධ බලශක්ති ප්‍රභව සදහා වන ගාස්තු අය කරන ක්‍රමය මේ හරහා වෙනස් කරන්නේ ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත්, මේ ප්‍රභව හරහා ජනනය කර බලශක්ති ජාතික පද්ධතියට ඉදිරිපත් කිරීමේ දී, කප්පාදුවක් කරන්නේ නම් ඊට අදාළ වන්දි, ගෙවන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් පැවසී ය.
විදුලි බිල 33% කින් අඩු කරනවා කියූ රජය දැන් ඉන්ධන මිල පවා වැඩි කර ඇති බවත් වරායේ ගොඩබාන මිලටම ඉන්ධන දෙනවා කියූ රජය අද නැවත වරක් ඉන්ධන මිල වැඩි කර ඇති බවත් කොමිස් නැති කරනවා කියුවත් අද ලෝකයේ ඉන්ධන මිල අඩු වන විට අප රටේ තෙල් මිල වැඩි වන බවත් රජය IMF එකේ සිරකරුවන් වී ඇති බවත් දිට්වා නිසා රට විනාශ වෙලත් අදත් විදුලි බිල වැඩි කිරීමට තීරණය කර ඇති බවත් එක් අතකින් තෙල් මිල පවා වැඩි කර ජන්ද පොරොන්දු පවා කඩකර ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
