උණුසුම් පුවත්කාලීනපරිසරය

දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ ළමයින් 275000 ක් පීඩාවෙන්

නිවාස 15688 ක් හානි - 1,37,3899 ක් පීඩාවට ලක් වෙලා

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් වලින් පීඩාවට පත් වූ ශ්‍රී ලංකාවේ ලක්ෂ 14 ක් පමන වූ ජනයාගෙන් 275000 ක් ම ළමයින් බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පවසයි.
මෙම සුළි කුණාටුවෙන් ළමයින්ට එල්ල වූ බලපෑම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, මූලික ඇස්තමේන්තුවක් සකස් කළ බවත් එහිදී මෙම කරුණු අනාවරණය වූ බවත් එම අරමුදලේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත එමා බ්‍රිග් හැම් මහත්මිය ඊයේ (2) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළා ය.
තවමත් මාර්ග ස සන්නිවේදනඅවහිරතා පවත්නා බැවින් මෙම සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ද ඇය සඳහන් කළා. ‍'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ 1,37,3899 ක් පීඩාවට පත්ව ඇති බවත් නිවාස 15688 ක් හානියට පත්වී තිබෙන බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සකස් කළ ඇස්තමේන්තුවේ සඳහන් වෙයි.