උණුසුම් පුවත්

දියගල වත්ත චුට්ටේ ගේ ඩබලක් STF එකට කොටු

දෙන්න ම හමුදාවේ හිටපු ඩබලක් ලු

දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දියගල වත්ත චුට්ටේ යන අය සමග සමීප සම්බන්ධතා පවත්වන ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ සිදු වනු ලබන වෙඩි තබා ඝාතනය කිරීම් සදහා යොදා ගන්නා ව්‍යාජ අංක තහඩු යෙදූ යතුරු පැදි 02 ක් සමග යුද හමුදාවේ  සේවය කළ පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

වැඩ බලන පොලිස්පති තුමාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බළ කාය මූලස්ථාන විශේෂ මෙහෙයුම් ඒකකය හි පොලිස් පරීක්ෂක බි.එස්.එච්. පීරිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.02.09 වන දින හංවැල්ල පොලිස් වසමේ දි සහ අතුරුගිරිය පොලිස් වසමේ දි වැටලීමක් 02 ක් සිදුකර ඇත.

එහි දී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට විදේශ ගතව සිටින දියගල වත්ත චුට්ටේ යන අය සමග සමීප සම්බන්ධතා පවත්වන ලද, ශ්‍රී ලංකාව තුළ වර්ථමානයේ සිදු වනු ලබන වෙඩි තබා ඝාතනය කිරීම් සදහා යොදා ගන්නා ලදැයි සැක කරන ව්‍යාජ අංක තහඩු යෙදූ යතුරු පැදියක් සගවා තැබීමේ වරදට යුද හමුදා බුද්ධි බලකායේ සේවය කර දැනට සේවයෙන් ඉවත්ව සිටින පනාගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක පුද්ගලයකු යතුරුපැදියක් සහ අංක WP BGW 2483 දරණ අංක තහඩු 02 ක් සමග සහ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කර දැනට සේවයෙන් ඉවත්ව සිටින හංවැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලයකු යතුරුපැදියක් සහ ජංගම දුරකථනයක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.