උණුසුම් පුවත්කාලීනදේශපාලන

දියවන්නාවේ කැළඹීම

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීතිඥ චමින්ද කුලරත්න තමාට කරැති අසාධාරණයට එරහිව ජාත්‍යන්තරය හමුවේ කියන්නට පියවර අරන්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා තමාට කරැති අසාධාරණයට එරහිව ජාත්‍යන්තරය හමුවේ කියා සිටින්නට ඇවැසි පියවර ගෙන ඇත.

අන්තර් පාර්ලිමේන්තු සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය, පාර්ලිමේන්තු මහ ලේකම්වරුන්ගේ ජාත්‍යන්තර සංසදය, හා ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත ද ඔහු පැමිණිලි කිරීමිට කටයුතු කරමින් සිටින බව හෙළදිවට වාර්තාවේ.
තමන්ට එරෙහිව චෝදනාවක් තිබේ නම් ඒ පිළිබඳව මූලික පරීක්ෂණයක් කැඳවා තමන්ටද කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් හිමි විය යුතුව තිබු නමුත් එසේ නොකර එක්වරම වැඩ තහනම් කිරීමෙන් ස්වාභාවික යුක්ති මූලධර්ම
පවා කථානායකවරයා විසින් කඩ කර ඇති බව ද පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ දෙවැනි ජ්‍යෙෂ්ඨම නිලධරයා වන නීතිඥ චමින්ද කුලරත්න මහතා ගේ අදාළ පැමිණිල්ලෙහි සඳහන් බව දැනගන්නට තිබේ.
එමෙන් ම ඔහු ගේ නීතිඥ පිරිස ශ්‍රී ලංකා අභියාචනාධිකරණය හමුවට ද යෑමට නියමිත ය.