උණුසුම් පුවත් දියවන්නා ඔයට ඇද වැටුණු කතක් නාවික හමුදාවෙන් බේරා ගනියි 2026-08-240 මේ කත 59 හැවිරිදි නුගේගොඩ පදිංචිකාරියකි බත්තරමුල්ල ජපන් මිත්‍රත්ව මාර්ගයේ සඳුන් උයන ප්‍රදේශයේදි අද (24) දහවල් දියවන්නා ඔයට ඇද වැටුණු කාන්තාවක්, නාවික හමුදා ජීවිතාරක්‍ෂක කණ්ඩායමක් විසින් බේරා ගැනීමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි. දියවන්නා ඔයේ ආරක්‍ෂාව වෙනුවෙන් යොදවා ඇති නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලගණයට අයත් ජිවිතාරක්‍ෂක කණ්ඩායමක් විසින්, ජපන් මිත්‍රත්ව මාර්ගයේ කිඹුලාවලට ආසන්න සඳුන් උයන ප්‍රදේශයෙන් දියවන්නා ඔයට පුද්ගලයෙකු ඇද වැටී ඇති බව නිරීක්‍ෂණය කර, කළ ක්‍ෂණික මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින් දියේ ගිලෙමින් සිටි කාන්තාවක් මෙලෙස නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් විය. නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක වන මේ කත 59 හැවිරිදි ය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article රාජ්‍ය ඡායාරූප සම්මාන – 2026 Next Article කොළඹ කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය