උණුසුම් පුවත්

දීර්ඝ කාලයක් තිස්සේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

වැඩ බලන පොලිස්පති තුමාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ III හි උප පොලිස් පරීක්ෂක ඒ.එච්.ඕ.එස්. සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.01.26 වන දින මහරගම පොලිස් වසමේ අංක 65/5ඒ, හේනේගෙදර පාර, නීලම්මහර, මහරගම, ලිපිනයට අදාල නිවස ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත ඇත.

එහි දී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි මහරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12, මිලි ග්‍රැම් 300 ක්, විද්‍යුත් තරාදියක් හා ජාවාරමෙන් උපයාගත් මුදල් රුපියල් 15,000.00 ක් හා ජංගම දුරකථන 02 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහරගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.