ඝාතකයාට ගිනි අවිය දුන් 25 හැවිරිදි කත
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැඟව සිටින ප්‍රධාන සැකකාරිය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 12 ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බව පොලිසිය පවසයි.
ඉෂාරා සෙව්වන්දි නමැති 25 වියැති මේ කාන්තාව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී ගණේමුල්ලේ සංජීවට වෙඩි තැබූ ඝාතකයාට ගිනි අවිය දී ඔහුගේ ඝාතනයත් සමඟ ම උසාවි භූමියෙන් පළා ගිය තැන පටන් මේ දක්වා ඈ ගැන කිසිදු තොරතුරක්හොයා ගන්නට පරීක්ෂණ මෙහෙයවන පොලිසියට හැකි වී නැත.