අපි අනුගමනය කරන්නේ මැද මාවත
අපි අනුගමනය කරන්නේ මැද මාවත. තුන්වෙනි මාවත. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය. මානුෂීය ධනවාදයත් , සමාජීය වෙළඳපොළ ආර්ථිකයත් මැද ප්‍රතිපත්තියත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් ක්‍රියාත්මක කෙරෙන වැදගත් දර්ශනයක්.
‘‘පක්ෂයේ සභාපතිවරයා විදිහට මගේ ඉල්ලීම පරිදි මම යෝජනා කරනවා ගරු ඉමිතියාස් බාකිර් මැතිතුමාව. ගරු ලේකම් ලෙස රංජිත් මද්දුම්බණ්ඩාර ගරු ලේකම්තුමාත් , ජාතික සංවිධායක ලෙස ගරු තිස්ස අත්තනායක මැතිතුමාවත් , ගරු භාණ්ඩාගාරික ලෙස ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමා යෝජනා කරමින් පැමිණ සිටින සියලුම මන්ත්‍රීවරු , අනාගත නගරාධිපතිවරුන් , උප නගරාධිපතිවරුන් , සභාපතිවරුන් , උපසභාපතිවරුන් මන්ත්‍රීවරියන්, මන්ත්‍රීවරුන් සහ පක්ෂ සම්මේලනයට සහභාගි වූ සියලු දෙනාගෙන්ම අවසරයි.
පක්ෂ සම්මේලනයට පැමිණි ඔබ සියලු දෙනා ආදරයෙන් පිලිගන්නවා. අපේ පක්ෂය පනහේ දශකයෙවත් , හැටේ දශකයෙවත් , හැත්තෑවෙ දශකයෙවත් ආරම්භ වුණ පක්ෂයක් නෙවෙයි. අපේ පක්ෂය ආරම්භ වුණේ 2020 පෙබරවාරි මාසයේ. තවම වයස අවුරුදු පහයි මාසයක් වෙනවා.
අපේ පක්ෂයෙන් දුරකථනය ලකුණෙන් මැතිවරණ තුනකට පමණයි අපි මුහුණ දීලා තිබෙන්නේ. ජනාධිපතිවරණයකට සහ මහ මැතිවරණ දෙකකට අපි මුහුණ දීලා තිබෙනවා. ඒවායින් පසුබෑමට ලක් වීම පිළිබඳව අපි සතුටු වෙන්නේ නැහැ. නමුත් මේ රටේ පැරණි පක්ෂ ක්‍රම ක්‍රමයෙන් දියවී යන මොහොතක අපේ මාතෘ භූමියේ ජනතාව සුරකින්නට සිටින එකම විකල්ප දේශපාලන බලවේගයේ සමගි ජන බලවේගය පමණයි.
විවිධ පක්ෂ කියාගන්නවා අපි ධනවාදය පිළිපදිනවා. අපි සමාජවාදය පිළිපදිනවා. අපි ලිබරල් වාදය පිළිපදිනවා. නමුත් අද රජ වෙලා තිබෙන්නේ මුසාවාදයයි. අද රජ වෙලා තිබෙන්නේ අවස්ථාවාදීත්වයයි.
එළඹෙන පළාත් පාලන මැතිවරණය අපේ රටේ දේශපාලන හැරවුම් ලක්ෂය බවට පත් කරගෙන මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන ජනතාවාදී යුගය බිහිකරන්නට අපිි අනිවාර්යයෙන්ම කැපවෙනවා.
පසුගිය කාලයේ පැවැති මැතිවරණවලදී ක්‍රියාත්මක වුණේ බොරු කීමේ තරගය. බොරු කීමේ තරඟයේදී අපි සතුටු වෙනවා ඇත්ත කතා කරලා අපි පසුබෑමට ලක්වුණා. අපි ළඟ කුලියට ගත්ත චන්ද නැහැ. අපි ළඟ තිබෙන්නේ ප්‍රතිපත්ති මත පදනම් වුන ඡන්ද.
2019 දී ජනාධිපතිවෙලා රට බංකොලොත් කළා. 2024 දී ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයා මුළු දේශපාලනයම බංකොලොත් කරලා තිබෙනවා. මුසාවාදයෙන් බොරු කීමෙන් , ඇන්දවීමෙන් ජනතා බලාපොරොත්තු සුණු විසුණු කිරීමෙන් අද මුළු දේශපාලනයේම බංකොලොත් කරල තිබෙනවා.
විශාල ජනවරමක් ලැබුණු වර්තමාන රජය පුනරුදයක් පිළිබඳව කතා කළා. වැඩිහිටි ප්‍රජාවට විශ්‍රාමික ප්‍රජාවට ලබාදෙන සියයට පහළවේ පොලියේ ආදායම් මාර්ගය , පසුගිය කාලයේ සෑම රජයක්ම ඒ ස්ථාවරයේ සිටියා. විශ්‍රාමිකයින්ට වැඩිහිටියන්ට සියයට පහළවේ ඉතිරි කිරීමේ ගිණුම්වලට , ලක්ෂ පහළ වී සීමාවට යම් පොලි ආදායමක් ලබා දුන්නා. ඒක අහිමි කිරීම පුනරුදයද.
සියයට තිස්තුනකින් විදුලි බිල අඩු කරන බව ප්‍රකාශ කලා. විදුලි බිල අඩු කිරීමේ පුනරුදය දැන් නැහැ. තෙල් මිල අඩු කරන බව ප්‍රකාශ කළා. තෙල් මිල අඩු කිරීමේ පුනරුදය දැන් ක්‍රියාත්මක වෙන්නේ නෑ. බඩු මිල අඩු කරන බව ප්‍රකාශ කළා. නමුත් බඩු මිල අඩු කිරීමේ පුනරුදයක් දැන් ක්‍රියාත්මක වෙන්නේ නෑ. පුනර්ජනනීය බල ශක්තිය ශක්තිමත් කරන බව ප්‍රකාශකළා. අද සූර්ය බල ශක්තිය සම්පූර්ණයෙන්ම විනාශ කරන ප්‍රතිපත්තියක් රජය අනුගමනය කරනවා. මේකද පුනරුදය.
රාජ්‍ය සේවයේ නිලධාරීන්ට රුපියල් විසි දාහකින් වැටුප් වැඩි කිරීමක් ලබාදෙන බව ප්‍රකාශ කළා. ඒ කිව්ව පුනරුදය ලබා දුන්නද. ගොවියාට ධීවරයාට වැවිලි කර්මාන්තයේ කෘෂිකාර්මික ජනතාවට ලබා දෙන පුනරුදය ජනතා විමුක්ති පෙරමුණේ රජයට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට අමතක වෙලාද.
හිතුමතේට කන්ටේනර් තුන්සීයකට වැඩි ප්‍රමාණයක් කිසිම ඉවක් බවක් නැතුව පරීක්ෂාවක් නැතුව ඉවත් කරා. එසේ කළේ කාගේ පුනරුදය වෙනුවෙන් ද. සංවිධානාත්මක අපරාධ කල්ලි ජන සමාජයේ ගිලගෙන තිබෙනවා. මේ මොහොත වන විට වෙඩි තැබීමේ සිදුවීම් විසිඅටක් මරණ 22ක් , ජන සමාජය පාතාල කල්ලිවල , සංවිධානාත්මක අපරාධ කල්ලිවල ග්‍රහණයට ලක් වන්නට ඉඩ තැබීම පුනරුද.
තිස්පන්දාහක් රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදෙන බව ප්‍රකාශ කළත් එය සිදු කළේ නැහැ. ඒකද පුනරුදය. කම්කරුවාට පොරොන්දු වුණ පුනරුදය , දුප්පත් ජනතාවට පොරොන්දු වුණ පුනරුදය කොහෙද. කාන්තාවන්ට තාරුණ්‍යයට පොරොන්දු වුණ පුනරුදය කොහෙද.
ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් අද අනාථ වෙලා. අපි සටන් කරලා පරාටෙ නීතියට විරාමයක් ලබා ගත්තා. ඒක අද අවසන් වෙලා තිබෙනවා. හෙට අනිද්දම දේපල වින්දේසියත් පටන් ගන්නවා. මේකද පුනරුදය.
මම පැහැදිලිව කියනවා රටේ ජනතාවට අගයක් එකතු කරන ශක්තියක් එකතු කරන පොදු ජන හිතකාමී පුනරුදයකට එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී දැවැන්ත හැරවුම් ලක්ෂය ක්‍රියාත්මක කරන්න අපේම මැතිවරණයක් විදිහට මේ මැතිවරණය සලකලා අපි ආසන මට්ටමින් ඇවිල්ලා ඔබ සියලු දෙනාම ශක්තිමත් කරන්න කටයුතු කරනවා. සමගි ජන බලවේගයේ නියතවශයෙන්ම පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය ලබා ගන්නවා.
කාන්තා පරපුරට සහ තරුණ පරපුරට විශේෂිත වූ වැඩසටහනක් අපි අලුතින් පටන් ගන්නවා. වර්තමාන වැඩපිළිවෙළ ගැන අපි සෑහීමකට පත්වන්නේ නැහැ. තරුණ සංවිධාන ක්ෂේත්‍රය කාන්තා සංවිධාන ක්ෂේත්‍රය මේ දෙකටම මුල් තැන ලබාදීලා සමගි ජන බලවේගයේ දැවැන්තම ශක්තිමත්ම පුරුක බවට අපි පත් කරනවා.
වෙනමම අධ්‍යාපන විද්‍යා පීඨයක් දේශපාලන අධ්‍යාපනය අපගේ තාරුණ්‍යයට , අපේ කාන්තාවන්ට , අපේ සාමාජික සාමාජිකාවන්ට ලබාදෙන අලුත් වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා.
ඒ වගේම පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන තරුණ අපේක්ෂකවරුන් කාන්තා අපේක්ෂකවරියන් සමස්ත අපේක්ෂකවරුන්වෙනුවෙන් විශේෂිත වූ වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා.
ඒ වගේම කොළඹ නගරය සහ කොළඹ නගර සභාව අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. අපේ වෛද්‍ය හනිෆා මැතිතුමා අපි තෝරා ගත්තා. ඔහු දක්ෂයෙක් උගතෙක්. එතුමාගේ නායකත්වයෙන් අපි කොළඹ නගර සභාවට හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කරලා තිබෙනවා.
එතුමාගේ තේරීම තුළින් මුළු රටටම තක්සේරුවක් කරන්න පුළුවන් අපේ ඉතිරි ගමන ගැන සහ අපේ වැඩපිළිවෙළ ගැන. දක්ෂ හපන්කම් තිබෙන උගත්කම තිබෙන ජන සමාජයේ පුංචිම තැන ඉඳලා සියලුම තල නියෝජනය කරන දක්ෂයින්ට තැන හැකියාව තිබෙන අයට කුසලතාවය තිබෙන අයට මුල් තැන ලබාදෙන පක්ෂයක් බවට අපි අනිවාර්යයෙන්ම කැපවෙනවා.
පක්ෂයක් ලෙස අපි වෙනස් වෙනවා. අපි අලුත් වෙනවා අපි නවීකරණය වෙනවා. ඒ වගේම වඩ වඩාත් ජනතාව ජනතාව අපේක්ෂා කරන ජනතාව විශ්වාස කරන ජනතා සහභාගිත්ව ප්‍රජා සහභාගිත්ව ජනතා කේන්ද්‍රීය පක්ෂයක් බවට අපි ඉදිරියට යනවා.
අද අපේ රට මුහුණ දෙන ප්‍රධානන්තම අර්බුදයක් පිළිබඳව දහසක් ඉදිරිපත් කරන්න මම කැමතියි. අද බොහෝ දෙනෙකුට දැනගන්න ලැබුණා ඇමරිකා එක්සත් ජනපදය ජාත්‍යන්තර වෙළඳාම තුළ ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනයන් වලට ප්‍රතිචාරාත්මක තීරු බදු සියයට 44ක් පනවා තිබෙනවා.
අද වන විට මුළු රටම කලබලයට පත්වී තිබෙනවා. ජනාධිපතිවරයත් කලබල වීී තිබෙනවා. රජයත් මැතිවමැතිවරුත් කලබල වී තිබෙනවා. මේ ප්‍රශ්නය පිළිබඳව අපි අනතුරු ඇඟවීම් කලේ මීට මාස ගණනාවකට පෙරයි. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළත් අපි කතා කළා. පාර්ලිමේන්තුව පිටතත් අපි මේ පිළිබඳව කතා කළා.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ කතා කරනකොට මයික්‍රෆෝනය ඕෆ් කරනවා. කතා කරන්න දෙන්නේ නැහැ. රිති වලට පටහැණීලු. වාඩි කරවනවා. ඒවා පිළිබඳව තාවකාලිකව වින්දනයක් සමාජ මාධ්‍ය හරහා ඔවුන් ලබනවා.
මේ ප්‍රතිචාරාත්මක තීරු බදු සියයට 44 ක් අපේ රටට පැනවීම හරහා කාටද වින්දනයක් ලැබෙන්නේ. කිසිම කෙනෙකුට වින්දනයක් ලැබෙන්නේ නැහැ. අපේ රටේ අපනයන බරපතල අනතුරකට වැටිලා. විශේෂයෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රය මහා උග්‍ර අර්බුදයකට මුහුණ දෙනවා.
රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ආරම්භ කළ ඇඟලුම් කම්හල් දෙසියෙන් , සහ අපේ රටේ අපනයන ක්ෂේත්‍රයෙන් කීදෙනෙක් ජීවත් වෙනවද. ලක්ෂ ගණනාවක ජීවන උපාය අනතුරේ.
රජයට මේ කරුණු කාරණා ඉදිරිපත් කිරීමේදී පාර්ලිමේන්තුවේදී ඔවුන් ප්‍රකාශ කරනවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න විශේෂිත දුත කණ්ඩායමක් යවනවා කියලා. මම අහන්න කැමතියි ආණ්ඩුවෙන් කවදද ඒ දූත කණ්ඩායම යැව්වේ. කව්ද දූත කණ්ඩායමේ සාමාජිකයන් , කවුද ඒ දූත කණ්ඩායමට නායකත්වය දුන්නේ. ඇමෙරිකාවට දූත කණ්ඩායමක් යවලා මොනාද ලබා ගත්ත ප්‍රතිඵල. නමුත් ඔවුන් පාර්ලිමේන්තුවට ඇවිල්ල ප්‍රකාශ කළේ සුපුරුදු බොරුවයි. සුපුරුදු රැවටිල්ල සුපුරුදු වංචාවයි.
අපේ රටේ අපනයන ආරක්ෂා කරන්නට විශේෂ වැඩසටහනක් අවශ්‍ය වෙනවා. විශේෂ වෙළෙඳ නියෝජිතවරයෙක් අපේ රටට අපි පත් කරගත යුතුයි. ජාත්‍යන්තර වෙළඳපොළ පිළිබඳව විශේෂඥ කණ්ඩායමක් අපි පත් කර ගත යුතුයි. වහාම ඒ අයව වොෂින්ටන් නුවරට යවලා ඇමෙරිකානු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන්නට අවශ්‍ය වෙනවා. මේ දේවල් කරන්න කියලා අපි කිව්වේ මාස ගණනාවකට පෙරයි. නමුත් ඒ දේවල් සිදු කළේ නැහැ.
මේ රජයට රාජ්‍ය රාජ්‍යතාන්ත්‍රික සබඳතා රටට ශක්තියක් ලැබෙන සබඳතා ක්‍රියාත්මක කරන්න කිසිදු හැකියාවක් නැහැ. අපේ රටේ අපනයන වලට මේ මරු පහර එල්ල වෙන මේ අවස්ථාවේ කර්මාන්ත කරුවන්ට කර්මාන්තශාලාවල සේවය කරන සියලුම සහෝදර සහෝදරියන්ට ඔබගේ රැකී රක්ෂා ආරක්ෂා කරන්න වගකිවයුතු විපක්‍ෂයක් ලෙස සමගි ජන බලවේගය ඔබ වෙනුවෙන් රට වෙනුවෙන් යුතුකම් ඉටුකරන බව මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි.
ඒ වගේම අපේ පක්ෂය තාවකාලික අම්බලමක් නෙවෙයි. විපක්ෂයේ සිටින ප්‍රබලතම පක්ෂය සමගි ජන බලවේගයයි. රටට තිබෙන එකම විකල්පයත් සමගි ජන බලවේගයයි. ඒ නිසා විවිධ කණ්ඩායම් විවිධ නායකවරුන් විවිධ පුද්ගලයින් ජනතාවගෙන් ඈත් වෙලා හාන්සි පුටුවේ ඉඳගෙන සමහර කණ්ඩායම් වලට මුදල් ගෙවල ප්‍රචාරණය කරනවා සම්පූර්ණ අසත්‍යයප්‍රකාශ. ඒවාට රැවටෙන්න එපා. ඒවාට සැලෙන්න එපා.
පළාත් පාලන මැතිවරණයේදී ප්‍රථම වතාවට ජනතාවට සමීප මහජන නියෝජිත කණ්ඩායම සමගි ජන බලවේගයෙන් දුරකථනය ලකුණින් පත් කරගන්න අවස්ථාව ඒ ඓතිහාසික මොහොත ජයග්‍රාහී හැරවුම් ලක්ෂයක් බවට පත් කරන්නට ඔබ සියලු දෙනාටම ශක්තිමත්ව පෙරට එන්න ඔබත් සමග අත්වැල් බැඳගෙන ඉදිරියෙන්ම ඉඳගෙන ඔබගේ ජයග්‍රහණය තහවුරු කරන්නට මමත් මහ ලේකම්වරයාත් , ජාතික සංවිධායකවරයා ඇතුළු සියලුම මන්ත්‍රීවරු , නායකවරුන් නිලධාරීන් ඇතුළු සියලුම දෙනා එකා මෙන් එක්සත්ව එක්සිත්ව සමගි ජන බලවේගය ජයග්‍රහණය උදෙසා ,ඒ තුළින් රටේත් ජනතාවගේ ජයග්‍රහණය උදෙසා අපි නියත වශයෙන්ම කැපවෙන බව ප්‍රකාශ කරමින් සියලු දෙනාටම ජය වේවා කියා ප්‍රාර්ථනා කරනවා.‘‘