උණුසුම් පුවත්ක්‍රීඩා

දුලිත් ගේ පියාණන් සුරංග වෙල්ලාලගේ ජීවිතයෙන් සමුගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුලිත් වෙල්ලාලගේ ගේ පියා වන සුරංග වෙල්ලාලගේ මහතා අභාවප්‍රාප්ත වීය. මිය යන විට ඒ මහතා පසුවූයේ 54 හැවිරිදි වියේ ය.

මේ දිනවල ආසියානු කුසලාන විස්සයි 20 තරග සඳහා අබුඩාබි වෙත ගොස් සිටින ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ, පියාණන් ගේ හදිසි අභාවය සැලවූ වහා  දිවයිනට පැමිණියේය.

ඒ වනවිට දුනිත් හිටියේ ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග කරමිනි. සුරංග වෙල්ලාල මහතා වියෝවී ඇත්තේ  කොළඹදී ය.

යොවුන් ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ ආදරණීය පියාණන්ගේ හදිසි අභාවය ‌වෙනුවෙන් ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයෝ රැසක්  සංවේගය පළකර ඇත්තා්තාහ.