උණුසුම් පුවත්සෞඛ්‍යය

දෙමාපියන්ට වැඩ සටහනක් – කරාපිටිය ශික්ෂණ රෝහලේ වකගඩු ශ්‍රවණාගාරයේ දී

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ගේ කුසලතා වර්ධනය අපේක්ෂාවෙන් පැවැත්වෙන වැඩ සටහනකි

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ගේ දෙමාපියන් සඳහා වැඩ සටහනක් ගාල්ල කරාපිටිය ශික්ෂණ හලේ දී පැවැත් වේ.  හෙට (24) පෙරවරු 8 . 00 ට ඇරඹෙන මේ වැඩ සටහන දහවල් 12. 00 ට අවසන් වේ. මේ වැඩ සටහන පැවැත් වෙන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලේ වන්‍රගඩු ශ්‍රවණාගාර යේ දී ය.

මේ වැඩසටහන  විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා හා ඔහු ගේ කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද්දකි.

විශේෂ අවශ්‍යතා ඇති ඔබේ දරුවාගේ අවශ්‍යතා ඵලදායී ලෙස ඉටු කිරීමට සහ එමඟින් අද්විතීය දරුවකු බිහි කිරීමට අවශ්‍ය කුසලතා හා දැනුම ලබා ගැනීමට මේ වැඩ සටහන උපකාරී වනු සිකුරු ය.