සංස්කෘතික ඇමති හිනිදුම සුනිල් සෙනෙවිට භාර දෙයි
හෙළ හවුලේ පුරෝගාමී නායකයකු වශයෙන් හෙළබසට මහඟු සේවාවක් කළ දේ දො. මොහොට්ටි සූරීන් සතුව තුබූ වටිනා පොත් පත් අඩංගු පුස්තකාලය එතුමන්ගේ දියණියන් ඇතුළු පවුලේ ඇත්තන් විසින් ජාතික පුස්තකාල හා ප්‍රලේඛනසේවා මණ්ඩලයට අද (06) පිරිනමනු ලැබිණි.
බුද්ධ ශාසන හා ආගමික හා සංස්කෘතික ඇමති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි විය.
රාමඤ්ඤ මහ නිකායේ නායක, වජිරාරාමාධිපති අති පූජ්‍ය ත්‍රිකුණාමලේ ආනන්ද මාහිමි, හෙළ හවුලේ නායක ශ්‍රීනාත් ගණේවත්ත, කිවිවර බුද්ධදාස ගලප්පත්ති, දෙ. දො. මොහොට්ටි මහතා ගේ පුත් ආචාර්ය තාරක මොහොට්ටි, යන මහත්වරු ද මෙහි දී අදහස් දැක්වූහ.
මොහොට්ටි මහතා ගේදෙටු දියණිය වන ලේඛිකා විජායි ලක්ෂ්මි මොහොට්ටි, මහත්මිය ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන් විසින් පොත් තොගය සංකේතාත්මකව ඇමතිවරයාට භාර දුන් අවස්ථාවයි මේ.
ජාතික පුස්තගාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ, අධ්යක්ෂ ජෙනරාල් ඩබ්ලිව්. සුනිල් යන මහත්වරුන් හා ලේඛක ලේඛිකාවන් පිරිසක් ද මේ අවස්ථාවට ඒක්ව සිටියහ.