උණුසුම් පුවත්දේශපාලන

දේශපාලකයා නීතියට යටත් විය යුතුයි. දේශපාලකයා නීතියට වඩා උඩින් ඉන්න බෑ. එහෙම රටක් අපි හදනවා. ජනපති අනුර කියයි

පාර්ලිමේන්තු මහ මැතිවරණය - 2024 නොවැම්බර් 14

ජනාධිපතිවරයා තමන්ගේ කාර්යන් සඳහා මහජන මුදල් උපයෝග කර ගත යුත්තේ කොපමණද? ජනාධිපතිවරයා යැපිය යුත්තේ මහජන මුදල්වලින් කොපමණ ප්‍රමාණයකින්ද? ඒ සඳහා ප්‍රමිතියක් සකස් කළ යුතුයි. ජනාධිපතිත් ප්‍රමිතිගතයි. ඇමති මණ්ඩලයටත් ප්‍රමිතියක් තිබෙනවා. මන්ත්‍රීවරුන්ටත් එහෙමයි. හිටපු ජනාධිපතිවරුන්ටත් එහෙමයැ යි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසී ය.

අම්පාරේ පැවති ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රචාරක රැළියේ දී ය.

අවුරුදු 30 ක යුද්ධයකට අපි මුහුණ දුන්නා. පාස්කු ප්‍රහාරය සිදුවුණා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සැකය, ක්‍රෝධය හා වෛරය වර්ධනය වුණා. අපි බෙදුණු ජාතියක් වුණා. එකිනෙකා බෙදිලා අපිට ජාතියක් විදියට ඉදිරියට යන්න බැහැ. මේ රටේ අනාගතය සහ දරුවන්ගේ අනාගතය රදා පවතින්නේ ආර්ථික වශයෙන් අත්පත් කරගන්නා සංවර්ධනයෙන් පමණක් නොවයි. අපි මොනතරම් ප්‍රමාණයකට ජාතික සමගිය ගොඩනැගීමට සමත්ද, ඒ තරම් ප්‍රමාණයකින් මේ රට දියුණු කළ හැකියි. අපි බෙදුණු යුගය අවසන් කළ යුතුයි. අපි එකම ලාංකීය ජාතියක් බවට පත්විය යුතුයි.

අද ලංකාවේ උතුරට, නැගෙනහිරට, කඳුකරයට හා බටහිරට එකම සෙවණක් යටතේ නායකත්වය ලබාදෙන දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය විතරයි. අද දකුණේ පක්ෂ තිබෙනවා, නැගෙනහිර පක්ෂ සමග එකතුවී ඡන්දවලට එනවා. දකුණේ පක්ෂ තිබෙනවා උතුරේ පක්ෂ සමග එක්වී ඡන්දවලට එනවා. නමුත් ජාතික ජන බලවේගය එක් පළාතකට සිමාවූ දේශපාලන බලවේගයක් නෙවෙයි. එම දේශපාලන ව්‍යාපාරය උතුර, දකුණ, නැගෙනහිර සියලුදෙනා නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයයි.

පසුගිය ජනාධිපතිවරණයේදී අනිත් හැමදෙනාම නැගෙනහිර මුස්ලිම් ජනතාව ළගට ගියේ මුස්ලිම් පක්ෂ අල්ලගෙන. උතුරට ගියේ උතුරේ පක්ෂ අල්ලගෙන, නමුත් උතුරට, දකුණට නැගෙනහිරට එකම දේශපාලන පක්ෂයක් ලෙස ගියේ ජාතික ජන බලවේගය විතරයි. අපට මුස්ලිම් ජනතාවගෙන් සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලැබුණා. දෙමළ ජනතාවගෙන් විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබුණා. එහෙත් එය ප්‍රමාණවත් නැහැ. ඇයි එම ජනතාව තුළ විශ්වාසයක් තිබුණේ නැහැ අපි ජයග්‍රහණය කරයි කියලා. එම ජනතාව අතර අලුත් නායකයන් ගොඩනැගීමට අප අසමත් වී තිබුණා. ඒ නිසා ඔවුන් පැරණි නායකත්වයන්ටම හිර වුණා. නමුත් ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව වැඩිම පිබිදීම ඇති වුණේ උතුරේ දෙමළ ජනතාව තුළයි. මට මෑතකදී උතුරේ දෙමළ පක්ෂයක නායකයෙක් හමු වුණා. ඔහු කියනවා මහ ඡන්දයෙන් පස්සේ අපත් සමග එකට වැඩ කරන්න ලෑස්තියි කියලා.

සිංහල, දෙමළ මුස්ලිම් සියළු ජනයාගේ විශ්වාසය දිනාගත් ව්‍යාපාරයක් ලෙස ලංකාවේ පළමු වතාවට දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගී තිබෙනවා. අපේ ආණ්ඩුව ඒ සියළුදෙනාගේ සංස්කෘතිය අනුව කටයුතු කිරීමේ අයිතිය, තමන්ගේ භාෂාවෙන් කටයුතු කිරීමට ඇති අයිතිය ආරක්ෂා කරනවා. කිසිඳු පුරවැසියෙක් තමන් අදහන ආගම, කතා කරන භාෂාව, සංස්කෘතිය අනුව කොන්වෙන්න බැහැ. වෙනස් කොට තකන්න බැහැ. එකම ලාංකික ජාතියක් ලෙස මේ ශ්‍රී ලංකාව ගොඩ නැගීමේ වගකීම ජාතික ජනබලවේගයේ ආණ්ඩුව අපි ඉටු කරනවා.

ගහගන්න රටක්ද, තරහ මරහ වෙන, අවිශ්වාසය, සැකය තියෙන රටක්ද අවශ්‍ය වෙන්නේ? අපිට අවශ්‍ය වෙන්නේ සමගි රටක්. එකට ජීවත් වෙන රටක්. ඒ රට අපි ගොඩ නඟනවා.

එපමණක් නොවෙයි අපි සැලසුම් ගණනාවක් සකස්කර තිබෙනවා. පළමුව ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කළ යුතුයි. දශක ගණනාවක් අපේ රටේ ආණ්ඩු හැදුනා. ඒ ආණ්ඩුවල බලය පවත්වා ගෙන යාමේ උපක්‍රමය වුණේ ගම් දුප්පත්භාවයට පත් කිරීමයි. ගම දුප්පත් වුනාම ඡන්ද දිනන්න ලේසියි. වැසිකිළි පෝච්චි දෙනවා කියලා හාල් කිලෝ දහයක් දෙනවා කියලා, තහඩු දෙකක් දෙන්නම් කියලා ඡන්දය ලබා ගන්නවා. රුපියල් දෙදාහට, කෑම පාර්සලයට රැස්වීම් සූදානම් කරන්න ගම දුප්පත් විය යුතුයි. ඔවුන්ගේ දේශපාලනය හැමදාම පැවතුණේ ගම දුප්පත් වුනොත් විතරයි. ගම දුප්පත්භාවයෙන් මුදවා ගැනීමට සැලැස්මක් ඔවුන්ට කවදාවත් තිබුණේ නෑ. අපේ ආණ්ඩුවේ ප්‍රධානම කාර්ය වෙන්නේ ගම දුප්පත්භාවයෙන් මුදවා ගැනීමයි. ජාතික ජන බලවේගය ආණ්ඩුව ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කළ ආණ්ඩුව බවට පත්වෙනවා.

මේ පළාත්වල කිරි නිෂ්පාදනය ප්‍රධාන කර්මාන්තයක් බවට පත්කළ හැකියි. ඒ සඳහා තෘණබිම් ලබාදීම, කිරි මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ශක්තිමත් කිරීම ආදි වැඩපිළිවෙලක් මගින් කිරි කර්මාන්තය හරහා ගැමියා දියුණු කරනවා. ඒ වගේම ඇතැම් ප්‍රදේශ සංචාරක ව්‍යාපාරයට ඉතාමත් යෝග්‍ය තෝතැන්නක්. සංචාරක ව්‍යාපාරය පිළිබඳ විශාල සැලැස්මක් අපි සකස් කර තිබෙනවා. අපි 2025 වසර ලංකාවට සංචාරකයින් වැඩියෙන්ම පැමිණෙන වසර බවට පත් කරනවා.

ඒ විතරක් නෙවෙයි රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව අපි ඇති කරනවා. ඒ වගේම අපගේ ස්වභාවික සම්පත් වන නව කර්මාන්ත පද්ධතියකට අපි පියවර තබනවා. මේ සියල්ල ඉතා හොඳින් සැලසුම් කර අපි දියත් කළොත් මේ රට ලෝකයේ දියුණුම රටක් බවට පත් කළ හැකියි.