හිටපු පොලිස්පතිවරයා පසුපස පොලිසිය ලුහුබැන්ඳත් ඔහු ඉන්න තැනක් හොයා ගන්නට බැරිවෙලා
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණය හමුවේ පෙනී සිටීම මගහැර සිටීම දිගටම සිදුවුවහොත්, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් දැනටමත් නිකුත් කර ඇති චක්‍රලේඛය යටතේ ඔහුගේ චංචල සහ නිශ්චල වත්කම් තහනම් කළ හැකියැ යි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා කීය.
වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදු කෙරුණු වෙඩි තැබීමකින් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරියකු වෙඩි වැදීමෙන් මිය යෑමේ සිද්ධියක් පිළිබඳව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රමුඛ අට දෙනකු වහාම අත්අඩංගුවට ගෙන අදිකරණයට පමුණුවන්නැ යි ඉකුත් සතියේ දී මාතර මහේස්ත්‍රාත් උසාවියෙන් පොලිසියට නියෝග කෙරුණි.
එකී නියෝගය ප්‍රකාශයට පත් වූ තැන් පටන් වැඩ තහනමකට ල්කව හිඳින හිටපු පොලිස්පතිවරයා පිළිබඳ කිසිදු තොරතුරක් අද දක්වා අනාවරණය කර ගන්නට විමර්ශන නිලධාරීන්ට හැකි වී නැත.