වෙඩි තැබීම පුද්ගලික ආරක්ෂාවේ අයිතිය මත පිහිටා සිදු කරන ලද්දක්
වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිටදී වැලිගම පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක අයකු විසින් 2023.12.31 වන දින සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුමුවට පත් විය.
මේ වෙඩි ප්‍රහාරයෙන් මියයන ලද්දේ කොළඹ අපරාධ විමර්ශණ කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු ය. එම කොට්ඨාමයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් උක්ත හෝටලය කරා යැවීම කළ බවට එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගේ උපදෙස් මත සිදුව ඇතැ යි ද එහෙයින් ඔහු ඇතුළු පොලිස් නිලධාරීන් අට දෙනා නීත්‍යානුකූල නොවන කටයුත්තක නිරතව සිටි ඇති හෙයින් මේ පිළිබඳව පැවති මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයේ තීන්දුව ඊයේ (2025.02.27) මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා උක්ත නියෝගය කර ඇත.
වැලිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කරන ලද වෙඩි තැබීම පුද්ගලික ආරක්ෂාවේ අයිතිය මත පිහිටා සිදු කරන ලද්දක් බැවින් ඔවුන්ට එරහිව කිසිදු නෛතික ක්‍රියාමාර්‌ගයක් නොගන්නා ලෙසටත් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත.
කෙසේ නමුත් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මෙම ස්ථානයට යොමු කිරීම නීත්‍යානුකූල නොවන ලෙස සිදුවී ඇති බවත්, ඒ අනුව එදින එම ස්ථානයට පැමිණි නිලධාරීන් සහ එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු නිලධාරීන් 08 දෙනකු අත්අඩංගුවට ගෙන මේ නඩු නිමිත්තේ සැකකරුවන් ලෙස නම් කරන්නැ යි අධිකරණය විසින් නියෝග කොට ඇත.
අධිකරණයේ එම නියෝගය ප්‍රකාරව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි විර්මශන කටයුතු සිදු කෙරේ.