නීතිප්‍රකාරව ඔහුට ක්‍රියාත්මක වියයුතු අධිකරණ නියෝගය අනුව කටයුතු කරන්නට ද අභියාචනාධිකරණය දන්වයි
මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් තමා අත්අඩංගුවට ගන්නා සේ පණවා ඇති නියෝගය අත්හිටුවන අතුරු තහනමක් ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් අද උදේ ප්‍රතික්ෂේප කරන ලදි.
වැලිගම පොලිස් වසමේ හෝටලයක් ඉදිරිපිටදි 2023.12.31 වන දින සිදු වූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව පොලිස්පති ධූරයේ වැඩ අත්හිටවන ලද දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස 2025.02.27 දින නියෝග කරන ලද්දේ ය.
පොලිස්පති තෙන්නකෝන් මහතා හැර අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම නොකරන සේ නීතිපතිවරයා හා සැකකරුවන් ගේ නීතිඥවරුන් අධිකරණයේ දී ඇති කර ගත් එකඟතාවයක් මත ඔවුන් අත්අඩංගුවට නොගන්නා ලෙසටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්‌තුමේන්තුවේ පෙනී සිටීමෙන් පසු ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කිරීමටත් නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට උපදෙස් ලබා දෙනු ලැබූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරන ලද්දේ ය.
එමෙන්ම තෙන්නකෝන් මහතාට පණවා ඇති අත්අඩංගුවට ගැනීම නීති ප්‍රකාරව ක්‍රියාත්මක කරන්නට ද උසාවිය නියෝග කර ඇත.
අභියාචනාධිකරණය ගාස්තු සහිතව රිට් පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළේය.