පොලිස් රාජකාරියට බාධාකිරීමේ චෝදනාවක් - උසාවියෙන් ශරීර ඇප දෙකක් මත මුදා හරී
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාතන් අර්ජුනා මහතා කොටුව පොලිස් ස්ථානය විසින් අද අත්අඩංගුවට ගන්නා ලදි.
අර්චුනා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලද්දේ කොටුව පොලිස් ස්ථානයට ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදේ පැමිණි විට ය.
පසුගිය දිනක කොටුව ප්‍රදේශයේ සත්‍යග‍්‍රහයක් පැවති අවස්ථාවේ පොලිස් රාජකාරියට බාධා කිරිමක් කළේ ය යන්න ඔහුට නඟා ඇති චෝදනාවයි. ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීමට හෙතෙම අද පොලිසිය වෙත කැඳවා තිබිණි.
අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියනයක ඇප මත මුදා හැර ඇත.