ආර්ථිකඋණුසුම් පුවත්දේශපාලන

දොස්තර වර්ජනය අත්හිටවයි

තුන්වන අයවැය කියවීම දක්වා වර්ජනය කල් තියයි

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග අද පැවැති සාකච්ඡාවකින් පසු  රට පුරා රෝහල්වල හෙට සිට දියත් කිරීමට සැලසුම් කර තිබූ වැඩවර්ජනය කල් දැමීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අපි තීරණය කළා හෙට දිනයේ පවත්වන්නට නියමිතව තිබූ මෙම සංකේත වැඩවර්ජනය තාවකාලිකව කල්තබන්නට. මාර්තු 21 වනදා තුන්වන අයවැය කියවීම දක්වා සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල මහතා පැවසීය.

වෛද්‍යවරුන් ඉල්ලන අමතර රාජකාරී දීමනාව පැවැති 1/80 අගය ඒ ආකාරයෙන් පවත්වා ගන්නත් නිවාඩු දින දීමනාව මූලික වැටුපෙන් 1/20 අගය ඒ ආකාරයෙන් පවත්වා ගන්නත අවශ්‍ය සාධනීය මැදිහත්වීම කරන්න සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟ වුණා.” යි ද  හේ මාධ්‍යයට සඳහන් කළේ ය.