නිවසට කඩා වැදී ප්‍රහාරය එල්ල කරලා
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය සිල්වාගේ මහතා ගේ සහෝදරයා කඩු ප්‍රහාරයකට ගොදුරුව කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. සාවිත්‍ර රන්මාල් ද සිල්වා මහතා මේ ප්‍රහාරයට ලක්වූ ධනංජයගේ සොවුරා යි.
ගල්කිස්ස පොලිසියට ලැබී ඇති තොරතුරු අනුව මෙම ප්‍රහාරය පාතාලයට සම්බන්ධ වූවකු විසින් සිදු කරන ලද්දකි.
ඔහු ගේ නිවසට ඊයේ රාත්‍රියේ කඩා වැදුණු පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
ධනංජය සිල්වාගේ පියා ූ හිටපු නාගරික මන්ත්‍රී රන්ජන් සිල්වා මහතා ද පාතාල දඩයක්කරුවකුගේ වෙඩි ප්‍රහාරයකින් මීට වසර කීපයකට පෙර ඝාතනය ලක් විය.
ගල්කිස්ස පොලිසිය පරීක්ෂණ පවත්වයි