රංග දිසානායක ජවිපෙ නීති කමිටුවේ හිටිය බව ඇත්තක් නොවේ - මාධ්‍ය හමුවක ඔහු කියයි.

නන්දන ගුණතිලක සහ උදය ගම්මන්පිල යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ට එරෙහිව මේ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා විසිනි.
ඊට පාදක ව ඇත්තේ උක්ත හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ගැන මාධ්‍ය ඔස්සේ කරන ලද ප්‍රකාශ ය. එමෙන් ම මොවුන් ගේ ප්‍රකාශ මඟින් සමස්ත අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව ම අපහාසයට ලක්වෙන බව ද පැමිණිලිකරු පවසයි.
නන්දන ගුණතිලක මහතා විසින් රූපවාහිනී වැඩ සටහනක දී අල්ලස් කොමිසමේ වත්මන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ජනතා විමුක්ති පෙරමුණේ නීති අංශයේ සාමාජිකයකු සේකටයුතු කළ බව සඳහන් කරමින් එය ජනතාවගේ කතා බහට ලක්වූ බව ද එය අභූත චෝදනාවක් බව ද පැමිණිලිකරු පවසයි.
ඔහු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා විසින් රංග දිසානායක මහතා විනිසුරුවරයකු සේ සිටිය දී දරුවකු පාසලකට ඇතුළත් කරන ලද්දේ නීතියට පටහැනිව බවට කරන චෝදනාව ද ඉහත ප්‍රකාශය ද ඔහුත් මාධ්‍ය හමුවේ කරැති බව ද ජාමුනි මහතා පවසමින් මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්නැ යි ඉල්ලීමක් කරයි.