උණුසුම් පුවත්කව් මිණි වැල් නමවු මුනි සරණ 2024-02-290 බුදු ගුණ අලංකාරය - 384 - සුරඟන සරි සිරින් බබළන මොවුන් රුසිරින් බැඳුණහු පෙම් බරින් කෙ සේ ගැලවී යෙද්ද සසරින් පදගතාර්ථය -- සුරඟන සරි --- දිව්‍යාංගනාවක් බඳු වූ , සිරියෙන් --- ශ්‍රීයෙන් , බබළන --- දිලෙන , රුසිරින් --- මොවුන් රුසිරින් --- මේ බිසොවනු ගේ රූප ශ්රීය නිසා , පෙම් බරින් බැඳුණහු --- පෙමින් බැඳුණු කෙනෙක් , කෙ සේ --- කවර ලෙස , සසරින් ගැලවී යෙද්ද --- සංසාරයෙන් ගැළවී යත් ද? භාවය - සුරඟනක බඳු රූප ශ්රිිිියෙ දිලෙන මේ බිසොවුන් ගේ රූපය කෙරෙහි පෙමින් බැඳුණු කෙනෙක් කෙ සේ නම් භව චක්‍රයෙන් ගැලවී යත් ද? බුදු ගුණ අලංකාරය - 385 - මෙලෙසින් ලොව මහත් වියතුන් බසින් තුති ලත් පවර රිවි කුල ගොත් රුවින මුළු දඹදිවට අග පත් පදගතාර්ථය - මෙ ලෙසින් --- මෙ පරිද්දෙන් , ලොව --- ලෝකයෙහි , මහත් වියතුන් --- මහා පඬිවරුන් ගේ , බසින් --- වචනයෙන් , තුති ලත් --- ස්තුතිය ලද්දා වූ , පවර --- උතුම් වූ , රිවි කුල ---- සූර්ය වංශයට , කොත් --- කේතුවක් වූ , රුවින් --- රූපයෙන් , මුළු දඹදිව --- සියලු ජම්බුද්වීපයට , අග පත් --- අග තැන් පත්, භාවය - මේ පරිද්දෙන් ලොව මහා පඬිවරුන් ගේ වචනයෙන් වර්ණනා කරන ලද උතුම් සූර්ය වංශයට කොතක් බඳු වූ රූපයෙන් මුළු දඹදිව අග තැන් පැමිණියා වූ, Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ඇල්පිටිය ප්‍රාදේශීය සභාවත් හෙනහුරා උච්ච වී මහජන නියෝජනය අහෝසි වෙයි? Next Article පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රාජකාරි වැඩ අරඹා අගමැතිවරයා බැහැ දකී