රවි සෙනෙවිරත්න මහජන ආරක්ෂක ලේකම්වරයා සේ පත්කෙරේ
අභිනව ජනාධිපතිපරයා ගේ ජනාධිපති ලේකම්වරයා සේ පත්වීම ලද්දේ අචාර්ය නන්දික සනත් කුමානායක මහතා යි.
ඔහු සිය රාජකාරියේ වැඩ අරඹමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ආරාක්ෂක අමාත්‍යංශයේ හා මහජන ආරක්ෂක අමාත්‍යාංශ යුගළෙහි ලේකම්වරුන් දෙන්නකුට අක්තපත්‍ර පිරි නමන ලද්දේ ය.
ආරක්ෂක ලේකම්වවරයා සේ එච්. එස්. සම්පත් තුයියකොන්ත මහතා පත් කරන ලද ලිපිය පිරි නැමුණු අතර මහජන ආරක්ෂක ලේකම් ධූරයේ හිමිකම ලද්දේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිිිවරයෙකි. ඩී.ඩබ්ලිව්. ආර්. බී. සෙනවිරත්න පත් කෙරේ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (1) වන අනු ව්‍යවස්ථාවේ බලය ප්‍රකාරව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඩී.ඩබ්ලිව්. ආර්. බී. සෙනවිරත්න මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කොට ඇත.
රවී සෙනවිරත්න මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියෙකි. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන ඒ මහතා විශේෂ කාර්ය බලකායේ ආරම්භක සාමාජිකයෙකු ලෙසද, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක, තායිලන්ත ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හිටපු පළමු ලේකම් හා ඉන්ටර්පෝල් ශ්‍රී ලංකා ශාඛාවේ හිටපු ප්‍රධානී ලෙසද කටයුතු කර ඇත.