උණුසුම් පුවත්කාලීනදේශපාලනවිදෙස්

නව තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

කියුබානු, කටාර් හා ස්ලොවේනියා රාජ්‍යයන්හි නව රාජ්‍යතාන්ත්‍රිකයින් ය

මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.
ඒ කොළඹ සිටින කියුබානු ජනරජයේ නව තානාපති ලෙස Patricia Lázara Pego Guerra මහත්මියත්,

කොළඹ සිටින කටාර් රාජ්‍යයේ නව තානාපති ලෙස Hamad Mohammed Abdullah Al – Sanad Al – Dosari මහතාත්
නවදිල්ලියේ සිටින ස්ලොවේනියා ජනරජයේ තානාපති ලෙස Tomaž Mencin මහතාත් පත්ව සිටි.

අක්තපත්‍ර පිළිගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා නව තානාපතිවරු සමඟ සුහද කතා බහකද නිරත විය.විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරු මේ අවස්ථාවට සහභාගි වූහ.