පාර්ලිමේන්තු මහ මැතිවරණය - 2024 නොවැම්බර් 14
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණේ නියෝජිතයකු ලෙස, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ යටතේ කොළඹ දිස්ත්‍රික්කයට ඉදිරිපත්ව සිටින ජයන්ත රෝහණ මහතා මැතිවරණ ජයග්රහණයෙන් පසු ක්‍රියාත්මක කිරීමට අටවැදෑරුම් ප්‍රතිපත්තියක් එළිදක්වයි.
-
අප මාතෘ භූමියේ, ඒකීයභාවය නිදහස හා ස්වාධීනත්වය වෙනුවෙන් මෙන්ම බුදු සසුනේ ප්‍රමුඛස්ථානය ආරක්ෂා කිරීමට කැප වෙන අතර සෙසු ආගම්වල ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම.
-
තරුණ පරම්පරාව වෙත අධ්‍යාපනය, වෘත්තීය පුහුණු කිරීම්, තොරතුරු තාක්ෂණ සහ ජාත්‍යන්තර භාෂා පිළිබඳ අධ්‍යනය ක්‍රීඩා හා ශාරීරික පුහුණු මධ්‍යස්ථාන ඉදිකිරීමේ මා ආරම්භ කළ වැඩපිළිවෙළ දිස්ත්‍රික්කයේ සෑම දරුවෙක්ටම පුළුල් කිරීම.
-
තරුණ පරම්පරාව සහ කාන්තාවන්, ව්‍යවසායකත්වයට හා අපනයනය ඉලක්ක කරගත්, ක්ෂේත්‍ර වෙත යොමු කරමින්, ජාතික ආර්ථිකයේ ශක්තිමත් කොටස්කරුවන් බවට පත් කිරීම.
-
බලශක්ති අර්බුදය සඳහා තිරසාර විසඳුම වන, පුනර්ජනනීය බල ශක්තිය භාවිතා කරමින්, සියලූ රාජ්‍ය ආයතන හා නිවාස වෙත සූර්ය බලශක්තිය හදුන්වා දීම.
-
කොළඹ දිස්ත්‍රික්කයේ ජෛව විවිධත්වයෙන් පොහොසත් ප්‍රදේශ, හරිත සංවර්ධනයකට හා පාරිසරික සංචාරයකට සුදුසු ලෙස දියුණු කිරීම.
-
ජාතික හා සංස්කෘතික උරුමයන් අනාගත පරම්පරාවට දායාද කිරීම.
-
ග්‍රාමීය ජනතාව සේ ම නාගරික ජනතාව ද මුහුණ දෙන, සංවර්ධන විෂමතාවයන් හා ප්‍රවාහන දුෂ්කරතා, අවම කරමින් යටිතල පහසුකම් වේගවත් කිරීම.
-
මෙතෙක් අප සුරැකි උතුම් ප්‍රතිපත්ති වන අවංකවභාවය, ප්‍රතිපත්තිගරුකව, විනිවිද පෙනෙන බව, දූෂණයෙන් හා නාස්තියෙන් තොර බව, ප්‍රචණ්ඩත්වයෙන් තොර බව, පරිසර හිතකාමී බව, හා අවිහිංසාව පෙරටු කරගත්, උත්තරීතර දේශපාලන සම්ප්රදායක් බිහිකිරීම සඳහා ලක් මාතාවට කැප වෙමි.