උණුසුම් පුවත්පරිසරයසංස්කෘතික

නාඋයනේ ආදාහනෝත්සව අද හවස

හෙළදිව සාතිශය සංවේගය පළ කරන වගයි

නාඋයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුරෙන් අපවත්වී වැඩවදාළ ලාංකේය භික්ෂූන් වහන්සේලා සිවු නමගේ දේහ මේ වනවිට අවසන් ගෞරවය සඳහා නාඋයන ආරණ්‍ය සේනාසනයේ ධර්ම ශාලාවේ තැන්පත් කර තිබේ.

පවතින අධික වැසි තත්වයද නොතකමින් දිවයිනේ නන් දෙසින් ගරුතර භික්ෂූන් වහන්සේලා, අන්‍ය ආගමික නියෝජිතයන්, දේශපාලනඥයින්, පොදු ජනතාව ඇතුළු විශාල පිරිසක් උන්වහන්සේලාට අවසන් ගෞරවය දැක්වීම පිණිස නාඋයන ආරණ්‍ය සෙනසුන කරා පැමිණෙමින් සිටිති

අද සවස ආගමික වතාවත් ආරණ්‍ය සේනාසන යෙ හි පැවැත්වීමෙන් අනතුරුව  උන්වහන්සේලා ගේ ආදාහන පූජෝත්සවය පන්සියගම පොදු සුසානභූමියේ දී සිදුකෙරේ. 

රුසියානු ජාතික ධම්මරක්ඛිත, රුමේනියානු ජාතික ධම්මරංසි සහ ඉන්දීය ජාතික ධම්මගවේෂි හිමිවරුන්ගේ දේහ බොරැල්ලේ ප්‍රසිද්ධ මල් ශාලාවක තැන්පත් කර ඇත. උන්වහන්සේලා  ගේ ශ්‍රී දේහ නීත්‍යානුකූල කටයුතු අවසන් කිරීමෙන් පසු ඒ් රටවල් වෙත වැඩමවාලීමට නියමිත ය.