රජය ගෙන ඇති ක්‍රියාමාර්ගවලට විපක්ෂයක් ලෙස උපරිම සහාය දෙනවා
කුරුණෑගල මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනය කේන්ද්‍ර කර ගෙන සිදු වූ මේ මහා ඛේදවාචකයෙන් අපවත් වී වදාළ සියලුම ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සිය ශෝකය,කණගාටුව සහ සාතිශය සංවේගය පළ කර සිටින බවත් උන්වහන්සේලාට නිවන් සුව ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
මේ වෙනුවෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ගවලට විපක්ෂයක් ලෙස උපරිම සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පොරොන්දු විය.