උණුසුම් පුවත්කාලීනපරිසරය

නාඋයන ආරණ්‍ය සේනාසනයේ වැඩ විසු භික්ෂූන් වහන්සේ 7 නමක් අනතුරකින් අපවත් වෙති

හෙළදිව සාතිශය සංවේගය !!!

දෙස් විදෙස් බෞද්ධ ජනයා අතර චිරප්‍රසිද්ධ නා උයන ආරණ්‍ය සේනාසනෙහි  වැඩ විසූ භික්ෂූන්සේ සත් නමක් අනතුරකින් අපවත් වෙති. එම අනතුර සිදුව ඇත්තේ උන්වහන්සේලා රැගෙන එම භූමියේ කඳු මුදුනට ගෙන යමින් තිබුණු  කේබල් රථය  (ඩක්කුව) අනතුරට ලක්වීමෙනි.

අපවත්වූ භික්ෂූන් වහන්සේලා අතර ඉන්දියාව , රුසියාව හා රු‌මේනියානු ජාතික හිමිවරුන් ති‌දෙනකි. උන්වහන්සේලාගේ දේහ  ගොකරැල්ල දිස්ත්‍රික් රෝහලේ තැන්පත් කර ඇත.

අනෙක් භික්ෂූන් වහන්සේලාගේ දේහ කුරුණෑගල ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

  තරුණ භික්‍ෂූන්වහන්සේ  මෙන්ම  වෘද්ධතර භික්ෂූන් වහන්සේලා  මේ ඛේදජනකයෙන්  තුවාල ලබා සිටිති. 

 වයස 27 ත් 47 ත් අතර වූ හිමිවරුන් අපවත් වූ හත් දෙනා අතර වූ බව කුරුණෑගල රෝහල් තොරතුරු  වාර්තා වේ.

මෙම අනතුරින් තවත් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් බරපතල තුවාල ලැබීමෙන් උන්වහන්සේලා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග   සඳහන් කරයි.

මෙම ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩ සිටින භික්ෂූන් වහන්සේලා  සෑහෙන කලක පටන්  කේබල් ඩක්කුව යොදාගෙන සිය භාවනා කුටි වෙත වැඩම කෙරුණි.