හාල් මෝල්කාරයන්ට ඇමති වසන්තගෙන් ටොක්කක්
වහා ම නාඩු හාල් මෙට්‍රික් ටොන් 70,000 ආනයනය කිරීමට ආණ්ඩුව තීරණයකට එළඹීය. ඒ රටේ පවතින හාල් අර්බුදයට විසඳුමක් ලෙස යි.
සතොස හා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මඟින් මෙටික් ටොන් 70000 ක සීමාව යටතේ මේ සහල් තොගය ගෙන්වීවීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ ය.
හාල් අර්බුදය පිළිබඳ ව දීර්ඝ සාකච්ඡාවක් සහල් ආනයනකරුවන් හා සතොස ඉහළ නිලධාරීන් අතර පැවැත්වීණි. එහිදී සාකච්ඡා වී ඇත්තේ ඉදිරි මහ කන්නයේ වී අස්වැන්න ලැබෙන තෙක් රටේ අවශ්‍යතාවය සපුරාලීමට නාඩු හාල් ඉන්දියාවෙන් ආනයනය කිරීමටයි