ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතිය යටතේ නාවික හමුදාව වැඩසටහන් දෙකක්
“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්යථක් බවට පත්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ, ගාල්ල සමුද්‍ර මාවත වෙරළ තීරයේ සිට ගාල්ල නගර සීමාව දක්වා වෙරළ තීරය, ගිංතොට පාලම අසල සිට හික්කඩුව දක්වා වෙරළ තීරය සහ හම්බන්තොට ධීවර වරායෙහි පවිත්‍ර කිරීමේ විශේෂ වැඩසටහනක් අද (2025 ජනවාරි 12) උදෑසන දකුණු නාවික විධානයේ මූලිකත්වයෙන් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
ඒ අනුව, “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්ථයක් කරගැනීමේ මෙහෙවර යටතේ; වෙනස් කිරීම, ඒකාබද්ධ කිරීම සහ සහයෝගිතාවය තුළින් පාරිසරික, සමාජීය හා පාලනමය වශයෙන් පුළුල් ක්‍ෂේත්‍රයක් ආවරණය කරමින් එම ක්‍ෂේත්‍ර නැවත ප්‍රතිස්ථාපනය කිරීම අපේක්‍ෂා කරනු ලබයි.
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතියේ ප්‍රධාන හවුල් කරුවෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව දිවයිනේ සියලුම වෙරළ ප්‍රදේශ ආවරණය වන පරිදි වෙරළ පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව අද (2025 ජනවාරි 12) සිදු කෙරුණු මෙම වෙරළ තීරය පවිත්‍ර කිරීමේ වැඩසටහන යටතේ, වෙරළ තීරයේ සහ ධීවර වරායෙහි විසිරී තිබූ ප්ලාස්ටික්, පොලිතීන් හා ඝණ අපද්‍රව්‍ය ඇතුළු කැලි කසල විශාල ප්‍රමාණයක් එක්රැස්කර වෙරළ තීරයෙන් ඉවත් කිරීමටත්, නිසි ලෙස පරිසරයට හානි නොවන ලෙස බැහැර කිරීමටත් නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කෙරිණි.
තවද, 2025 ජනවාරි මස 07 වැනි දින ගිණිකොන නාවික විධානය මඟින් පානම ප්‍රදේශයේ පීනට්පාම් සිට පානම කළපුව දක්වා වෙරළ තීරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ සිදු කෙරුණු අතර, එම වෙරළ තීරය පුරා විසිරී තිබූ අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් වෙරළ තීරයෙන් ඉවත් කර නිසි ලෙස බැහැර කිරීම එහිදී සිදු කෙරිණි.