නැගෙනහිර පළාතේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් ක්‍රියාත්මක වන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍ය මෙන් ම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ ය.
මෙකී අන්තවාදී කණ්ඩායම පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිස් බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ මෙහෙයුමක යෙදී සිටින බවයි කැබිනට් ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කෙළ් ය.
මෙම සිදුවීම පිළිබඳව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී යම් යම් තොරතුරු ලබා දුන් බව ද හේ අවධාරණයෙන් කීය.
මෙම අන්තවාදී කණ්ඩායමේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැඩි අවධානයෙන් සිටින බව ඔහු මාධ්‍ය හමුවේ වැඩිදුරටත් කීයේ ය.
