මාපිය වලප - සම්, මස්, නහර, ඇට, ඇටමිදුළු වල රැඳුණු වේදනා බැහැර කරන්නට බුදුවදන් හැර ඉතින්....?
2026/04/06
දෙවියො හැමදාමත් හොඳම මල්
ඉක්මනට නෙළා ගන්නවාලු....
හොඳ ම මතක විතරක්
හිත්වල ඉතිරි කරලා නික්ම යන්න
හැමෝටම බැහැ...
සුවෙන් නිදන්න භක්ති අය්යා...
අවසන් කටයුතු
අප්‍රේල් 6 වැනිදා සඳුදා පස්වරු 5 ට
දඩල්ල කනත්තේදී....
පැතූ විදියටම සංසාරය නිමා වේවා!
මිතුරු වෙස් ගත් නොමිනිසුන්ගෙන්
අමිහිරි මතක විතරක් එකතු වෙන කාලෙක
මිහිරි මතක විතරක්ම ඉතිරි කරල
නික්ම යන මිත්‍රයා....
භක්ති අයියා...
සුබ ගමන්...
භක්තිට අවසන් ගෞරව !
====================
අපේ හිතවත් ජනමාධ්‍යවේදී හා ලේඛක සුගතපාල මෙන්ඩිස් ගේ පුත් ජනමාධ්‍යවේදී භක්ති මෙන්ඩිස් ගේ මරණය පිළිබඳ පුවත අපේ සිත් තුළ ඇතිකලේ දැඩි කම්පනයකි. දිනක් ලේක් හවුසියේදී මා දැක භක්ති ලගට විත් කතා කල අයුරු මට මැවී පෙනේ. ඒ ඔහුගේ පියාගේ මිතුරෙකුට දක්වන සැලකිල්ලක් ලෙස විය යුතුය.
භක්තිට අපි ඉක්මනින් සුවය පැතුවෙ ඔහු රිය අනතුරකට ලක්ව දැඩි සත්කාර ඒකකයේ සිටින බවට ලද ආරංචි මතයි.
ජීවිතය හරිම පුදුමයි. වයෝවෘද්ධයන් සිටියදී තරුණයන් දිවි හැර යාම එහි ස්වභාවයයි.
භක්තිට අවසන් ගෞරව දැක්වීම සඳහා බොහෝ පිරිසක් බූස්ස නිවසට පැමිණියහ. අපද ඊට සහභාගී වුණෙමු. නිවසට විවිධ මට්ටමේ මාධ්‍යවේදීන් පැමිණ සිටියේය. තමන්ගේ එකම පුතාගේ අකල් මරණය ඉවසීම පියෙකුට හා මවකට අසීරුම කරුණකි. සහෝදරියන්ටත් එය එසේමය. සුගතපාලයන් අසීරුවෙන් ඒ මොහොත දරා සිටි ආකාරය දුටුවෙමි.
අපේ පොතක් දොරට වැඩී සෑම අවස්ථාවකදීම ඊට සහභාගී වී අනන්‍යන් විසිර යද්දී, සුගතපාලයන් ඇතුළු හිතවතුන් සුළු දෙනෙක් අපේ නිවසට රොක්ව අශාස්ත්‍රීය ලෙස ශාස්ත්‍රීය සංවාදයක යෙදීම සිරිතකි. එවන් හිතවතෙක් ගේ එකම පූත්‍රයාගේ අභාවය අප තුලද
දනවන ශෝකය අති මහත්ය. මල ගෙදර පිළිබඳ විස්තර කලින් ලබා දෙමින්, පොරොන්දු වූ වේලාවටම ඊට මාද සමග සහභාගී වූ ජනමාධ්‍යවේදී අනුර යසමිත් සහෘදයා ටද කෘතඥ වෙමි.
බෞද්ධ දර්ශනය අනුව ජීවිතයේ ස්වභාවය තේරුම් ගෙන සිය සිත සමනය කර ගැනීමට මිත්‍ර සුගතපාලයන්ට හා පවුලේ සැමට හැකි වේවා !
අභාවප්‍රාප්ත ජනමාධ්‍යවේදී භක්ති මෙන්ඩිස් මහතාට නිවන් සුව අත්වේවා !
සෝමදාස අබේවික්‍රම
හතළිස් වසක මිතුදම නිමාවිය!
භක්ති අයියාගේ මගේ යාළුකම දශක හතරක්. අප දෙන්නගෙම තාත්තල යාළුවෝ. අප දෙන්නම ගියේ රිච්මන්ඩි විදුහලට .ඔහු මට වඩා දෑ අවුරුද්දකින් ජ්යෙෂ්ඨයෙක්. ඒ වුණාට හැම දෙයක්ම කළේ එකට .පැටි වියේ සිට හැදුනේ එකට ස්කොලේ වැඩ .ක්රීඩා ,වැඩ මදාවී වැඩ එකට. ඉස්කෝලෙට වඩා ඔහු හිටියේ වැකුණුගොඩ අපේ ගෙදර.පසුකලක ශ්රි ලංකා ක්රිකයි කණ්ඩායමේ සිටි චමිල ගමගේත් හිටියේ අපේ රැහේ
. ඒමතු නොවේ අප දෙන්නම පත්තර රස්සාව පටන් ගත්තේ එකට .
අප දෙදෙනාගේ යාළුකම කොහොමද කියනවා නම් ඔහු විවාහ වු අවස්ථාවේ ඔහුගේ පාර්ශවයේ ඒ උත්සවයට අරාධනා ලද
මිතුරන් දෙදෙනාගෙන් එක් අයෙක් මම. අනෙකා උදය අයියා. කසාදයට අත්සන් කළේ ජනපති මහින්ද රාජපක්ෂ. හා ලක්බිම ඉරිදා සංග්රහයේ කර්තෘ සුන්දර නිහතමානි ද මැල්.
අවුරුදු හතළියක මතකය හරි බරයි.
අප දෙදෙනා අතර තිබුණේ එක වෙනස්කමක් විතරයි. ඔහු ඉඳහිට දුම්පානය කළා. මම කවදාවත් දුම්පානයයට එරෙහි වු අයෙක්.

ඒ වෙනස හැරුණාම අප හැම දෙයින්ම සමානයි. සෙවනැල්ල සේ සිටි සහෝදරයෙක් නැති වු දුක බෝමයි. කම්පනය යන වදනේ අරුත දැනෙන්නේ එවිටයි.කිසි දෙයක් කිසිදා අමතක නොවේ.
භක්ති අයියා අන්ත්‍රා වෙලා,😥
ගයාන් පුතේ භක්ති නැති උනා, සුගතපාල තාත්තා මට එක එක පාරටම කෝල් එකක් අරං කිව්වා..
මොකක් තාත්තේ, එහෙම වෙන්න බෑ නේ, .
නෑ පුතේ මගෙ පුතා නැති උනා,.
ආයේ මොන දේ කියලා අහන්නද භක්ති අයියගේ තාත්තගෙන්,
අනේ මගේ භක්ති අයියා අන්ත්‍රා වෙලා ,
ගයියා යං ,ගයියා මල්ලි 
මේ ආදරෙයි ගයියා, උබ මේ සිංදුව කියපං, එළ මම නටන්නම්,, ජය ශ්‍රී ලගේ සිංදුවක් කියපං😥 මේ කොහෙවත් යන්න එපා , මේ පුතයි හිමේශයි මායි එනවා උබලගෙ ගෙදර මට එන්න ඕනා උබේ ගෙදර උබේ අම්ම හදන බත් ටිකක් කාලා ඉවර වෙලා ඊට පස්සෙ නාගස් මැන්ඩියේ නාන්න😥 ❤
නිවන් සැපත අත් වේවා මා දයාබර භක්ති අයියේ..
--------------------
සුබ ගමන් මිත්‍රයා. - විනිතා ගේ සටහන
------------------
---------------------
Kamani Hettiarachchi
stdSonepro·
සුන්දර මිනිසුන් ගොඩක් හමුවුණ තැන. සුන්දර මතක ගොන්නක් ඉතිරි වුණ තැන.අද ලක්බිම තිබුනා නම්, මුල් පිටුව මේ විදිහටම තියෙන්න තිබුණා.
හරිම ලස්සනයි රුක්මන් අයියා 🙏
------------------
තාන් චන්ද්‍රසේකර
මාගේ දිගුකාලීන හිතමිත්‍ර සහෝදර සුගතපාල මැන්ඩිස් සහ ඒ මහත්මියගේ පුත් භක්තිගේ අකල් වියෝව දරගත නොහැකි. සොවකි. භක්ති කියන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය තුල වඩාත් කැපී පෙනුන දගකාර කොල්ලෙකි. වරෙක මාධ්‍ය සංචාරයන්ට නැතුවම බැරි අයෙකුවිය. එවන් සංචාරයන් හිදි මාධ්‍යවේදීන්ගේ ගරුත්වය, අභිමානය වෙනුවෙන් සටන් කළ අයෙකි. මා මේ කියන සිදිධිය 2002 වසරේ වගේ සිදුවූවකි. එවිට මම දිවයින පුවත්පතේය. මම හිතන්නේ භක්ති ලක්බිම පුවත්පතේ වන්නට ඇති. එවිට ඇමතිව සිටි රවුෆ් හකීම්ගේ වැඩසටහනක් ආවරණය කරන්නට ත්‍රිකුණාමලයට ගියෙමු. මාධ්‍යවේදීන් 15 ක පමණ වූ අපිව එහි කැදවාගෙන යාමේ සම්බන්ධීකෙණය කළේ හිල්මි මොහොමඩ් ය. එම උත්සවය අවසානයේ දිවා අහාරය ඉහලපෙලේ හෝටලයක මැති ඇමතිවරුන්ට එක ශාලාවකත් මාධ්‍යවේදීන්ට තවත් තැනකත් සූදානම් කර තිබුනු අතර ඊට විරෝධය පළකල භක්ති දිවාආහාරය වර්ජනය කරන්නට සියලුදෙනා සූදානම් කළේය. භක්තිගේ යෝජනාවට සියලු දෙනා එකග වී හෝටලයෙන් එළියට ආවෙමු. හිල්මි ඇවිත් කොතෙක් කතා කළත් අප කෑමට නොගියෙමු. අවසානයේ ඇමති රහුෆ් හකීම් පැමිණ ඊට සමාව අයැද අප කැදවාගෙන් ගොස් මැති ඇමතින් සමග එකට දිවා ආහාරය ගැනීමට සැලැස්වීය. එකෙස මාධ්‍යවේදියා කවුද යන්න අවබෝධ කර දෙන්නට ඔවුන්ගේ ගරුත්වය රකින්නට කුඩා අවදියේ පටන් නායකත්වය දුන් දඩබ්බරයෙකි. එය එක සිදුවීමක් පමණි. එවන් දරුවෙකුගේ වියෝව ඒ පවුලට වගේම මාධ්‍ය පවුලටත් බලවත් පාඩුවකි. ඔහුට නිවන් සුව අත්වේවා....! සුගතේ මාගේ බලවත් ශෝකය සංවේගය පළකර සිටිමි.
-------------------
තිළාන් පුංචිහේවා
භක්ති අය්ය
මේකනම් දකින්න අමාරුම පික්චර් එකක්.
පත්තර කන්තෝරුවේ තොර තෝන්චියක් නැතිව
හැම එකා එක්කම මොකක් හරි බෙදා ගත් ඉතිහාසය මතක් උනා. නිව්ස් එකක් ලියන ගමන් උනත් දෙන්නෙක් ගේ කතාවක්. ඇහුනොත් සෙට් වෙනවාමයි. කෑ ගහලා මොකක් හරි කියනව. සිරිමල් මහත්තය බැන්නම සද්දේ ගැන කියලා අපි බං ‘………’ නේ කියලා හිනා උනා.
ඉතිං දුකයි අය්ය.
ගිහින් ඉන්න එහෙනම් .....අපි එනකම්...
---------------------
සමන් ගමගේ
අපි ජීවත් වෙන මේ තාවකාලික නවාතැනේ සත්‍යබව පැහැදිලි කරමින් අපේ භක්තිත් යන්න ගිහින්. සුබ ගමන් භක්ති.
මේ සසරේ අකල් මරණයක් නැති උපතක් සමඟ අපි නැවත කොතැනකදී හෝ මුණගැහෙමු.
නුඹ හරිම සුන්දර චරිතයක් භක්ති.
---------------
අපි කවුරැත් නොසිතු අයුරින් භක්ති මල්ලිත් යන්නම ගිහින් . කියලා ආරංචි වු මොහොතේ ලොකු කමිපනයකට පත් වුනා.ඒ වගේම හොද මාධ්‍ය වෙිදියෙක් ගමට අඩමිබරයක් ගෙන දුන් චරිතයක් දැක්ක තැන හිනාවෙලා කතා බහ කල ලෙංගතු සහෝදරයෙක්
අජරාමර නිවන්සුව ලැබෙිවා !!මල්ලි
----------------
භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් වෙනුවෙන් අද අපට ඉතිරි කර ගිය තේජක පුතා තාත්තගේ නම රැකගෙන හොඳට ඉහළට ඉගෙන ගෙන රටට වැඩදායක පුතෙක් වෙන්න තේජක පුතේ...!


-------------- 
එම පුවත දැනුණේ හදවතටමය. ඇසුණේ ද හදවතටය. ඒ අද එනම් අප්‍රේල් 03දා පෙරවරුවේ පස්වරු එකට පමණ තරුණ පුවත්පත් කලාවේදියෙකුවූ භක්ති මෙන්ඩිස්(47) ජීවිතෙන් සමුගැනීමය. මාධ්‍ය ලෝකයේ ලොකු පොඩි බොහෝ අයගේ භක්ති සුමිතුරෙකි. ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී සුගතපාල මෙන්ඩිස්ගේ එකම පුත්‍රයාවූ භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්ගේ දේහය අප්‍රේල් 04 සෙනසුරාදා මැදියම් රැයේ සිට ගාල්ල -බූස්ස මහගෙදරවත්තේ පිහිටි නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇත. අවසන් කටයුතු අප්‍රේල් 06 සඳුදා පස්වරු 5ට ගාල්ල දඩල්ල පොදු සුසාන භුමියේදි සිදු කෙරේ.



භක්ති, මාර්තු මුල් භාගයේදී සිදුවූ රිය අනතුරකින් බරපතල ලෙස තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය. භක්තිගේ බිරිය වූයේ ශ්‍රි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයෙන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකුවූ ආචාර්ය ඉමේෂා ධර්මසේනය. එකම දරුවාවූ තේජක, මාලඹේ හොරයිසන් විදුහලේ ඉගෙනුම ලබයි.
මාDharman Wickremaretne භක්ති ප්‍රථමවරට දැන හඳුනාගත්තේ මෙයට දශක හතරකට පමණ පෙර දොඩන්දුව පාලම අසල පිහිටි ඔහුගේ මහගෙදරදීය.
ගාල්ල රිච්මන්ඩි විදුහලේ ආදී සිසුවෙකු වූ භක්ති 2000 වසරේදි දිනපතා ලක්බිම පුවත්පතේ සමාරම්භක කර්තෘ මාණ්ඩලිකයකු ලෙස පුවත්පත් කලාවට එක්විය.පසුව ඔහු රිවිර, දිනමිණ හා සිළුමිණ පුවත්පත්වලද හිරු නාලිකාවේද සේවය කළේය.
ඉපැදීම්, මියයෑම් සියල්ල අටලෝ දහමට නතුය. අප ඒ ජීවන මගේ ගමන් සගයන් පමණී. හමුවීම් වෙන්වීම් අබියස අපි අපමණ වේදනාවට පත්වෙන්නෙමු. එය ලෝදහම වුවද ඉතාම හිතාදර මිත්‍රයෙකුගේ එකම පුතු අකාලයේ නික්මයෑම අතිශය සංවේගයට කරුණකි. ඒ වේදනාව ඇත්තේ වචනවලට ඉහළිනි. භක්තිගේ අවසන් කටයුතු සිදුවන සඳුදා ඔහුගේ පවුලේ අය සහ නෑ හිතවතුන් සමග ශෝකය බෙදාහදා ගැනීමට මමද එයට එක් වනු ඇත. @By #dharmanwickremeratne ධර්මන් වික්‍රමරත්න විසිනි. #hilights #follow Dharman Wickremaretne See less
--------------------
ප්‍රවීණ මාධ්‍යවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (06 දා) සවස 5.00 ට ගාල්ල දඩල්ල ආදාහනාගාරයේ දී....
මචං හක්ති, උඹ ඉන්න අවසන් හෝරා කීපය මේ ගතවෙන්නෙ.අදින් පසු උඹව දකින්න නැහැ...ඒත්, උඹේ මතක මියෙන තුරාවට අප සැම තුළ රැඳී තියෙනවා...මොකද උඹ ඒ තරමටම ලෙන්ගතු වූ මිතුරෙක් නිසා...උඹ හැම වෙලාවකම කියපු දෙයක් මතක් වෙනවා..."ප්‍රදීපයා උඹ ළඟට යාලුවෙක් ඇවිත් තමන්ට වෙච්ච කරදරයක් කිව්වොත් නැහැ බැහැ කියන්න එපා..උදව් කරපන්...පොලීසියට කතාකරපන්...හොස්පිට්ල් එකට කතාකරපන්...යාලුවගේ ප්‍රශ්නෙ ඕ.අයි.සී. මහත්තයට කියල බේරුමක් කරල දීපන්...යාලුවා රෝහලේ නම් ඒ රෝහල් අධ්‍යක්ෂවරයාට කතාකරලා දැනුවත් කරපන්...මමත් එහෙමයි බං...මාධ්‍යවේදියෙක් කියන්නෙ මනුස්සකම තියෙන, සංවේදී හදවතක් තියෙන එකෙක් වෙන්න ඕනෑ...එහෙම නැතිව මාධ්‍යවේදී තනතුර තියාගෙන වැඩක් නැහැ...අපි News හොයන්න ඕන..හැබැයි මනුස්සකම තියෙන්නත් ඕන...මමත් පුළුවන් තරම් මිනිසුන්ට උදවි කරනව බං...උඹත් ඒක කරපන්...ඒක අපිට පිනක්..." යැයි දිනක් මා සමඟ භක්ති පැවසුවා..කොහොමෙන් හරි ඒ පුරුද්ද දැන් මටත් තියෙනවා...උඹ කියපු දේ මමත් කරනව බං...මනුස්සයෙක් එහෙම නැත්නම් මාධ්‍යවේදී සොයුරෙක් හෝ සොයුරියක් උදව්වක් ඉල්ලුවොත් ඒක කරල දෙනවා...ඒ දේට පෙළෙඹෙව්වෙ උඹ...යාලුවා උඹ ගැන කතා ගොඩයි...දැනට ඇති..භක්ති උඹට නිවන් සුව....!💓
------------------
මලහිරැ බසිනා සැන්දැ යාමෙ ඔබගෙන් සමුහන්නමි
------------------
ලක්බිමේ සොඳුරුතම හදවත් දෙකක් (ක්‍රිෂ්ණ අයියා./ භක්ති ) අප තනිකර හමාරය...
---------------
2026/04/11 
පත්මිණී මාතරගේ
ලක්බිම පවුලේ, රැජින පුවත්පතේ ප්‍රධාන කතෘ තිලක් සේනාසිංහ අයියා, ඔහුගෙ වෙබ් අඩවියෙ මේ සටහන පළකර තිබුණා. තවමත් නොසිඳී පවතින භක්ති මල්ලි ගැන දුක්බර කඳුළු උල්පත මහා ශෝකි ජල දහරාවක් වි ගලන්නට ඒ දුක්බර මතකය අළුත් වුනා තිලක් අයියේ. කවියක් පළවුණු සතුට අභිබවා නැගෙන දුක ප්‍රනලයි අයියේ. මං දන්නවා මම වගේම ඔයත් දුක්වෙනව කියල. ලක්බිමේ අපි හැමෝම වගේ එයාට ආදරෙ කරන හැම හිතක්ම ඉන්නෙ දුකෙන්. 💔
ඉන්න තැනක හොඳින් ඉන්න භක්ති මල්ලි
--------------
මගේ මල්ලි භක්ති හදිසි අනතුරට ලක් වූ අවස්ථාවේදී රෝහල් ගත කරන ලද නමක් ගමක් පවා නොදන්නා වූ ත්‍රීරෝද රියදුරු මහතාටත්, එතැන් පටන් පුරා දින විසි හතරක කාලයක් මල්ලිගේ ජීවිතය බේරා ගැනීමට ප්‍රතිකාර කරන ලද කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂකතුමාටත්, විශේෂඥ වෛද්‍යවරුන්, අනෙකුත් වෛද්‍යවරු, හෙදිවේදියන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලයටත්, මල්ලි රෝහල් ගත කර අවස්ථාවේ සිට ඔහු ගැන සොයා බලමින් බෝධි පූජා ඇතුළු අනෙකුත් ආගමික කටයුතු සිදුකර Richmond 97 කණ්ඩායම ඇතුළු විද්‍යාලීය ආදි සිසුන්ටත්,Richmond legends කණ්ඩායමේ මහත්වරුනටත් ,ලක්බිම,දිනමිණ ,දිවයින,සිළුමිණ ,අරුණ පුවත්පත් හා මුල් කතුවරුන් හා කර්තෘ මාණ්ඩලිකයනටත්,ක ම්කරු අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාටත් ,බුද්ධ ශාසන හා සංස්කෘතික ඇමති මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාටත්, වෛද්‍ය නලින්ද මහතාටත් ,සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතිතුමා ප්‍රමුඛ ගාලු දිසාවේ රත්න ගමගේ ඇමතිවරයාටත් හා නලීන් හේවගේ ඇමතිවරයාටත්, හිටපු සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ මහතාටත් ,හිටපු ඇමති චන්දිම වීරක්කොඩි මහතාටත්, හිටපු ඇමති මොහොන් ද සිල්වා මහතාටත් අපගෙ ස්තුතිය පිරිනමමි. ප්‍රධාන විපක්ෂයේ දේශපාලනඥයන්ට ද,රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති දුලාජ් මල්ලීට ද,තාත්තාගේ හා මල්ලීගේ විදෙස් මිතුරු මිතුරියන්ට ද, , දෙරණ, හිරු ස්වාධීන රූපවාහිනිය, සිරස විද්‍යුත් මාධ්‍ය මිතුරන්ටත්, මල්ලිගේ අනෙකුත් මිතුරු මිතුරියන්ටත් මාලඹේ හොරයිසන් ජාත්‍යන්තර පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු ගුරුභවතුන් හා දෙමව්පියන්ටත් ස්තුති වන අතර මල්ලි මියගිය අවස්ථාවේ සිට ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට ද, හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට ද, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර මණ්ඩලය හා සිසු සිසුවියන්ටත් , මාලඹේ හොරයිසන් ජාත්‍යන්තර පාසලේ සභාපතිතුමා ඇතුළු විදුහල්පතිනිය ගුරුවරුන් හා සිසු දරුවන් හා දෙමව්පියන්ටත් ,මල්ලිගේ සියලුම මාධ්‍ය මිතුරන්ටත් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ, ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ හා විද්‍යා ලෝක විද්‍යාලයේ විදුහල්පතිතුමන්ලා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත්, සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල් මණ්ඩලය සහෝදර සහෝදරියන්ටත්, බත්තරමුල්ල අපේ හිතවත් ප්‍රදෙශවාසින්, මාලඹෙ සහොදර සහොදිරියන්ටද,දොඩන්දුව රත්ගම ,බූස්ස ,මාතර ප්‍රදේශවාසීන්ටත් ,ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ටත්, රත්ගම රෙඩ් රොබින්ස් ක්‍රීඩා සමාජයටත් ,රත්ගම ක්‍රීඩා සමාජයටත් ,ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා ඇතුළු නිලධාරී මණ්ඩලයටත්ටත්, රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත්, තාත්තාගේ හා අම්මාගේ පවුල් වල සියලු දෙනාටත් ,දුෂ්කර අවස්ථාවේදී අප ගැන සොයා බලමින් කටයුතු කල Padmini Matarage ගෙ සොයුරියටත්, Mihiri Fonseka මල්ලිටත්, Chamila Gamage මල්ලිටත්, Lisula Wijenayake මල්ලිටත් Lakshitha Pramesh මල්ලිටත් කමනි හෙට්ටිආරච්චි නංගිටත්, lakruwan මල්ලිටත් ,ලොකු නංගි හා චූටි නංගි ගෙ හිතමිතුරුන්ටද,ආගමික කටයුතු සඳහා වැඩම කල මහා සංඝරත්නයටත්,කොළඹ ජයරත්න මල්ශාලාවේ සභාපතිතුමා ඇතුළු කාර්යමණ්ඩලයටත්, තාත්තාගේ මිතුරු මිතුරියන්ටත් මාගේ හද පිරි ස්තුතිය පුදකරමි.
ලොකු අක්කා
(තුෂාරි මෙන්ඩිස්)
-----------------------
Panuka Rajapaksha
භක්ති අයියා පොලීසියට දීපු ලනුව.
භක්ති අයියා යනු මගේ වසර 12 ක් ඉක්මවූ පුවත්පත් කලා දිවියේ මුල් ගුරුවරුන් අතරේ සිටි සැබෑ වැඩ කරුවෙකි..කිසිදු දැන හැදුනුකම් හෝ වෙනත් එකදු සම්බන්ධයක් නොමැතිව ලක්බිම පුවත්පතට 2005 වසරේ සම්බන්ධ වූ මාහට භක්ති අයියා නැමති මේ පට්ට චරිතය සෙට් උනේ ලක්බිමට වැඩට ගිය මුල් දින දෙකතුලදීමය..භක්ති අයියා මා සමග චැට් එකට සෙට් උනේ මාගේ මතකයට අනුව මේ ආකාරයටය ...
""ඒ මෙහෙ වරෙන් ...මොකෝ බන් භය වෙලාවගේ ඉන්නේ..අපි කන්නේ නෑ උබව..වාඩිවෙයන් බන් ,කියපන් විස්තර..කොහෙද ගම ඉස්කොලේ,මිඩියා මොනාවද කරලා තියෙන්නෙ..ඔය වගේ ගොඩාක් දේවල් අහන ගමන් කෑල්ලක් ඉන්නවද කියා පවා ඇසුවා මට මතකය...ඔහු ඒ සියල්ලම ඇසුවේ මාව අපහසුවට පත්කරන්නට නොව මාවද ලක්බිම පවුලේ එකෙකු කර ගන්නට බව මට හොදින් තේරුම් ගියේ භක්ති අයියාගේ සෙනෙහස ඔහුගේ හැම ඉරියව්වකින්ම පෙනුන නිසාය...
භක්ති අයියා ගැන අප හැමෝමටම විවිද අපූරු මතකයන් ඔනෑතරම් තිබෙන බව රහසක් නොවේ...භක්ති අයියා පොලිස් නිලදාරීන් දෙදෙනෙකුට දුන්නු පට්ට ආතල් එකක් අවසන් වරට භක්ති අයියාත් මාත් මාගෙ බිරිඳ මදූත් හමූවූ දයා සෝමසිරි මහතාගේ මළ ගෙදරදීද අප මතක් කරමින් සිනා සුනේය..
ඒ කතාව මෙසේය
එවක යුද්ධය දරුනුවට පැවැති යුගයේ (2007/2008 වගේ කාලයේ)භක්ති අයියා මට කිව්වා පානුකයා මාව උබේ බයික් එකේ තුම්මුල්ලට දාපන් කියලා..ඒත් මා ලග වැඩිපුර හෙල්මට් එකක් තිබුනේ නෑ..හෙල්මට් ඕනේ නෑ බන් මම ඉන්නවානේ බන්. පොලීසිය මම බලා ගන්නම් උබ බය නැතුව යමන් කියලා භක්ති අයියා කියන කොටත් ඔහු බයික් එකටත් නැග මගේ කර අල්ලාගෙනත් අවසන් ය..බජාජ් පල්සර් වර්ගයේ බයික් එක මා අරගත් මුල් කාලය නිසා මටත් වේගයෙන් යෑම තරම් සතුටක් වෙන නැත..ගෑන්පාස් සිට ශෝට් කට් වලින් දමාගෙන විජේරාම පාරෙන් බෞද්ධාලෝක මාවතට දාන්න හදනවා සමගම පොලිස් නිලදාරී යෙකු එකවර අපව නතර කලහ..මාව හීන් දාඩිය දැමීය..දඩ කන්න වෙන්නේ මටනේ දැන් කියා සිතන්නටවත් කාලයක් ඉතිරි නොවීය..බයික් එකෙන් බැසගත් භක්ති අයියා උබ ඉදහන් ඔතන කියා පොලිස් නිලදාරියා ගාවට දිව ගිහින් අත පය විසිකර කර හෙන කලබලයක් ගානට පොලිස් කරුවාට මොනවාදෝ කියා ආයි බයික් එක ගාවට ඇවිත් යමන් යමන් ඉක්මනට හරි යැයි පැවැසීය..
භක්ති අයියා කියනවනම් ආයි මොනවද ඉතින් මා ද බයික් එක වේගයෙන් ඉදිරියට පැදවීය..
බයික් එකේ යන ගමන් භක්ති අයියා හිනා වෙවී මට කියනව උබ මාව දාලා මේ පාර්‍රේ එහෙම ආයි එන්න එපා වෙන පැත්තකින් පලයන් කියලා ..මම ඇහුව්වා ඔයා මොකක්ද පොලිස් කාරයට කිව්වේ කියලා ..
භක්ති අයියා පොලිස් කාරයට කියලා තියෙන්නේ මොකක්ද දන්නවද.. අපි පත්තරේ දෙන්නෙක්..තුම්මුල්ලේ බෝම්බයක් පුපුරලා කියලා ආරංචි යකට මේ හදිස්සියේ යන්නේ රාලහාමි කියලා.. ඒ හින්දා තමා රාලහාමි අපිව යැව්වේ..
ඔය තමයි භක්ති අයියාගේ යි මගෙයි අවුරුදු 15 කට වැඩි යාලුකමේ අමතක නොවන එක් මතකයක්...
භක්ති අයියා වගේ චරිතයක් යලි මේ බවයේදී නම් මුන නොගැසෙනවා සත්‍යයයි..සුබ ගමන් මගේ අයියේ..යාලුවෝ අපිව තනිකර ගොස් තිබෙනවා ගොඩාක් මේ වෙනකොට...ඒත් අයියාගේ හැරයාම නම් දරාගන්න ,හිතාගන්න අමාරුයි අපට තාම...🙏❤️❤️❤️



------------------
සුගතපාල මැන්දිස්
ධනාගෙත් මගෙත්, අප පුතණුවන් - මනිමෙල් දුර භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් සමුගෙන යන්න ම ගිහින් අදට සෙසතියකට දවසක් අඩුයි. ඔහු අපෙන් වෙන්වුණේ ඉකුත් 03 වැනිදා හවහ 2. 05 ට පමණ. 6 වැනිදා හවස 5. 00 ට ඔහු ගාල්ල දඩල්ල ආදාහනාගාරයේ දී දැවී අළු වුණා.
