එස්. ටී. එෆ් විශේෂ මෙහෙයුමක්
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 ග්‍රෑම් 838 තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයකු ත්‍රීරෝද රථය ද සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇත.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්යක්ෂ (බුද්ධි/විශේෂ මෙහෙයුම්) පොලිස් අධිකාරී ඩී.පී.යු. කොඩිතුවක්කු මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් බස්නාහිර උතුර ඒකකයේ පොලිස් පරික්ෂක ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2026.01.20 වන දින නිට්ටඹුව පොලිස් වසමේ අංක 304/13/2, 01 අරලිය පටුමග, පින්නගොල්ල වත්ත, නිට්ටඹුව ලිපිනයේ නිවස ඉදිරිපිට මාර්ගයේ දී වැටලීමක් සිදුකර ඇත.
සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශගතව සිටින ඩුබායි වරුණ සහ මොහොමඩ් සිද්ධික් නොහොත් කුඩු සිද්ධික් යන අයගේ ප්‍රධාන පෙළේ අනුගාමිකයෙකු වන දැනට බන්ධනාගාරගතව සිටින කරුණානායක පතිරණලාගේ දිලිඳු සංජීව නොහොත් ලේනා නමැත්තා ගේ අනුගාමිකයකු වන බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත. 
