උණුසුම් පුවත්

නියෝජ්‍ය ධීවර ඇමති රත්නට මහ සඟරුවනේ ආශිර්වාදය

අගේ කළයුත්තකු අගය කළ අයුරු

නියෝජ්‍ය ධීවර, ජලජ හා සාගර සම්පත්  අමාත්‍යවර   රත්න ගමගේ මහතාට ආශිර්වාද කිරීමේ පිංකමක් අද (22) අක්මීමන මානවිල අන්දායම්ගොඩැල්ල ශ්‍රී ඛෙත්තාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.මෙහිදී නියෝජ්‍ය ඇමතිවරයාට සෙත් පිරිත් සජ්ඣායනා කොට  මහා සංඝරත්නය ආශිර්වාද කරන ලද්දේ  රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය අංගුලුගහ ධම්මින්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සසවයේ දී ය. ‌‌ ‌මෙම ආශිර්වාදෝත්සවය සංවිධානය කරන ලද්දේ  මානවිල අන්දායම්ගොඩැල්ල ශ්‍රී ඛෙත්තාරාම දායක සභාව විසිනි.