උණුසුම් පුවත්

නිවීම උදෙසා ඔබ සිත….!

සොඳුරු වෙසක් පුන් පෝ දා දොහක් ඔබ සැමට!!

පුණ්යවන්ත වූ සිතින් නිදුකින් නීරෝගිමත් නිවීමක් උදෙසා ඔබ සිත යොමුවෙන සුවපත් සොඳුරු දොහක්!
දහම් කරුණු දසත ගලා යමින් තිබෙන අදවන් දවසක ඔබ කොහේ සිටියත් ජීවිතය පිළිබඳව යළි සිතන්නට එය හේතු කාරක වේවා!
ඔබේ සහ මගේ ගැළවුම් කරුවාණ වෙන කිසිවකු නොවේ. එහෙත් එවන් දැනුමක් දෙන්නා අපිට අපේ ගැළවුම්කරුවා සේ පෙනීම අරුමයක් නොවේ.
එය කළෙහිගුණ සැලකීමේ හැඟීම නිසා ඇති වු උදානයයි. එහෙත් අප අද නොපමාවම කළ යුත්තේ ඒ සත්ත්ය අපේ විමුක්ති මාර්ගය බවට පත් කරගැනීමයි.
ඒ නැතුව එහි අපට නොපෙනෙන ප්රභේද හෝ තවකෙකු අලුත් දෙයක් යැයි පෙන්වමින් කියූ අපබ්රංශයක් අල්ලා ගෙන උඩ දැමීම නොවේ.
එය අප විසින් අපවම ව්යවච්ඡේද කිරීමක් නොවේද?
අප ඒ සියල්ලෙන් මිදී සාර වූ දේ සාර ලෙසත්, අසාර වූ දෙය අසාර ලෙසත් ගෙන අද දවසේ ජීවිතය දකිමු. විඳිමු.
ඔබට සුළවත් තෙමඟුළක් අසිරිය නිබඳව නොමඳව ලැබෙන උතුම් වූ පින්බර දොහක් !
මම් චම්මින්ද .