උණුසුම් පුවත්සාහිත්‍යය හා කලාව

නිළි රැජින ගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් 26 වැනිදා

මියයන විට 78 යි

‘ශ්‍රී ලංකා සිනමාවේ රැජින’ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය ගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී සිදු කෙරේ.  

මාලනී අද උදේ කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වූවා ය. අද සවස් භාගයේ දී ඇගේ දේහය නිවසට රැගෙන යනු ඇත. 

මියයන විට ඈ හැත්තෑ අට වැනි වියේ පසු විය.