සාහිත්‍යය හා කලාව

නීතිඥ එස්.ජී. පුංචිහේවා ගේ පුස්තකාලය NPP යට පිරිනැමූ වගයි෴෴

NPP ය මහජනතාව කෙරෙහි බැදුණු ආකල්පයක් තිබෙන අය - පුස්තකාල පොත් පිරිනමමින් පුංචිහේවා කියයි

මා වසර 65 ක් පමණ තිස්සේ එක්රැස් කළ විවිධ විෂයන්ට අදාළ පොත්පත් රැසක් තිබෙනවා. එම පොත්පත් පොදුවේ පාවිච්චියට ගන්න පුළුවන් හොඳම කණ්ඩායම කවුද කියලා මම කල්පනා කළා. ඒ හොඳම කණ්ඩායම ජාතික ජන බලවේගය කියලා තමයි මට හිතුණේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් නිර්මාණය කරන්නට කල්පනා කළ ජාතික ජන බලවේගය කියන්නේ ඉතා විශිෂ්ඨ නිර්මාණයක්. ජාතික ජනබලවේගයේ ඉතා විශාල විද්වතුන් ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය නිකන්ම නිකන් විද්වතුන් නෙවෙයි. ඔවුන් මහජනතාව කෙරෙහි බැදුණු ආකල්පයක් තිබෙන අය. අන්න ඒ හේතුවත් පදනම් කර ගත්තා මම මේ පරිත්‍යාගය කරන්න. එස්.ජී. පුංචිහේවා මහතා මෙහිදී තමන්ගේ සතුට පළකරමින් මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

වමේ ව්‍යාපාරය නියෝජනය කරන ප්‍රබල චරිතයක් මෙන්ම ලේඛකයෙක් වූ වයස අවුරුදු 91 ක් සම්පූර්ණ කළ නීතිඥ එස්.ජී. පුංචිහේවා මහතා ඔහු විසින් රචිත පොත්පත් ඇතුළුව වසර 65 ක් පමණ තිස්සේ තමන්ගේ පුස්තකාලය සඳහා එක්රැස් කළ පොත්පත් රැසක්  ජාතික ජන බලවේගයට පරිත්‍යාග කිරීම අද(19) දින පස්වරුවේදී එතුමන්ගේ නිවසේදී සිදුවිය.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ   ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා" පා.ම. ආචාර්ය හරිනි අමරසූරිය, කේ.ඩි. ලාල්කාන්ත" නීතිඥ උපුල් කුමරප්පෙරුම ඇතුළු පිරිසක් සහභාගි විය.